පොසොන් සතිය ජුනි 7දා ඇරඹෙයි
- 2025-05-22 17:21:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පොසොන් සතිය ජුනි 07 වැනි දා සිට ජුනි 13 වැනි දා දක්වා අනුරාධ පුරයේදී පැවැත්වෙන අතර එම කාල සීමාවෙහි අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරාසැල් වසා දැමීමට තීරණය කර තිබේ.
රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (21දා) පැවති සාකච්ඡාවේදී තීරණ රැසක් ගෙන ඇත.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණ.
'අනුබුදු දහමින් ලොවම නිවේවා' යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාව වන අතර රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව ජුනි මස 01 වැනි දා සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන ලබා දෙමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
පොසොන් උත්සවය පැවැත්වෙන කාල වකවානුවෙහි අනුරාධපුරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබේ.
රාජ්‍ය පොසොන් උත්සවයට අදාළ පහසුකම් සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments