Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාව තුළ පොහොර අධි භාවිතය හේතුවෙන් රජය ලබාදෙන පොහොරවලින් 30෴ක් අපතේ යන බවත්, එහිදී කඳුකර ප්‍රදේශවල භාවිත කරන පොහොරවලින් අපතේ යන ප්‍රමාණය 50෴ක පමණ ඉහළ අගයක් ගන්නා බවත් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය සිදු කළ සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැති 2018 මහ කන්නයේ පොහොර නිකුත් කිරීම පිළිබඳ 2/2018 නවචක්‍රලේඛයසම්බන්ධයෙන් දිවයිනේ සියලුම කෘෂි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවට සහභාගි වෙමිනි.

වර්ෂ 2015දී වත්මන් ආණ්ඩුව ස්ථාපිත කරන විටරාජපක්ෂ ආණ්ඩුව සමයේ පොහොර ණයට ගැනීම හේතුවෙන් රුපියල් කෝටි 2,700ක මුදලක් සමාගම්වලට ගෙවීමට තිබූ බවත්, ඒ අනුව අදාළණය මුදල් ගෙවන තෙක් පොහොර ලබා නොදීමට පොහොර සමාගම් තීරණය කර තිබූ බවත් කී අමාත්‍යවරයා එහෙත් එම ණය සියල්ල මේ වනවිටත් ගෙවා අවසන් වී ඇති බවද කීය.

හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේ පොහොර සහනාධාරය සඳහා 2018 වසරේ රජයවැය කරන මුදල රුපියල් මිලියන 35,000ඉක්මවන බවයි.

කාබනික වී ගොවිතැනේ නිරත ගොවීන්ට කාබනික පොහොර මිල දී ගැනීම සඳහා හෙක්ටයාරයකට රුපියල් 18,000ක මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් මේ වනවිට ලබාදෙන අතර,‍පොහොරසහනාධාර වැඩපිළිවෙළ යටතේ 2018 මහ කන්නය සඳහා සහනාධාර වශයෙන් පොහොර ලබාදීමේ වැඩපිළිවෙළපසුගිය 07 වැනිදා සිට ක්‍රියාත්මක වේ.(wmdjbm)

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.