Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මාර්තු 15වන සඳුදා දින බස්නාහිර පළාතේ 05වන ශ්‍රේණිය, 11වන ශ්‍රේණිය සහ 13වන ශ්‍රේණිය සඳහා පමණක් පාසල් විවෘත කරන බව අමාත්‍ය ජී.එල්. පරිස් මහතා පැවැසීය.

සෙසු පන්ති සඳහා පාසල් ආරම්භ කිරීම අප්‍රේල් නිවාඩුවෙන් පසුව අප්‍රේල් 19වන දින බවද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/03/09වන දින අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

“අද අප වෙත ලැබී තිබෙනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ‍ජනරාල්තුමාගේ ලිඛිත නිර්දේශය. ඒ අනුව ලැබී තිබෙන උපදෙස් තමයි ලබන සඳුදා එනම් මාර්තු 15වැනි දින බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කළ යුත්තේ 5, 11 සහ 13 ශ්‍රේණිවලට පමණක් බවයි. සෙසු ශ්‍රේණිවල පන්ති ආරම්භ කරන්නේ අප්‍රේල් නිවාඩුවෙන් පසුව. ඒ නිසා සෙසු ශ්‍රේණි සඳහා පාසල් අප්‍රේල් 19 ආරම්භ කරනවා.

1වන ශ්‍රේණියේ පන්ති සඳහා සිසුන් මේ වනවිටත් පාසල්වලට ඇතුළත් කරලා තිබෙනවා. නමුත් එම පන්ති තවම ආරම්භ කර නැහැ. බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලට එම පන්තිත් ඇතුලු ව අනෙකුත් සියලු ම පන්ති ඒ අනුව අප්‍රේල් 19 පැවැත්වීමට කටයුතු කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල පාසල් ආරම්භ කිරීම පිළිබඳ කිසිදු ගැටලුවක් නැහැ. ඒ අනුව මාර්තු 15වන දින බස්නාහිර පළාතේ හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල සියලු ම පාසල් සියලු ම ශ්‍රේණි සඳහා විවෘත කෙරෙනවා.”

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.