Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

·එම පාසල්වල 1-5 ශ්‍රේණිත් එදින සිට ඇරඹෙයි.

·අදාළ ප්‍රදේශයන්හි පෙරපාසල් හා දිවා සුරැකුම් ආයතනත් එදින සිට ආරම්භ කිරීමට අවසර

කොළඹ, ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක අයත් වන බස්නාහිර පළාතේ පාසල් සහ කොවිඩ් හේතුවෙන් හුදකලා කළ ප්‍රදේශයන්හි පාසල් හැර මේ වනවිටත් 6-11 ශ්‍රේණි සඳහා විවෘත කර ඇති සෙසු සියලු පාසල්වල  නව පාසල් වාරය 2021 ජනවාරි මස 11 වැනි දා සිට ආරම්භ කෙරෙන අතර එම පාසල්වල 1-5 ශ්‍රේණි ද එදින සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. ඊට සමගාමීව එම ප්‍රදේශවල පිහිටි පෙරපාසල් සහ දිවා සුරැකුම් ආයතන ද ජනවාරි 11 වැනි දා සිට ආරම්භ කිරීමට අවසර ලබා දෙනු ලැබේ.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඇතුළු අධ්‍යාපන බලධාරීන් සහ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය ප්‍රමුඛ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් සමඟ පසුගිය දා මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

දැනට විවෘත කර ඇති පාසල්වල තුන්වැනි වාරය දෙසැම්බර් 23 වැනි දායින් අවසන් වන අතර, දෙසැම්බර් 24 වැනිදායින් තුන්වැනි පාසල් වාර නිවාඩුව ආරම්භ වේ. පාසල් ආරම්භ කිරීම සම්බන්ධ සියලු තීරණ සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ණ උපදෙස් මත පදනම් වෙමින් ගන්නා බව ද, ඔවුන් විසින් ලබාදී ඇති කොන්දේසි නිවැරදි ව අනුගමනය කරමින් ඉදිරියේ දී විවෘත කරනු ලබන පාසල් ක්‍රියාත්මක කරන බව ද මේ සම්බන්ධයෙන් අද (21) පැවති මාධ්‍ය හමුවේ දී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.

එමෙන් ම හුදකලා කළ පොලිස් වසම්වල පිහිටි පාසල් සහ බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් පවත්නා හැකියාව තවදුරටත් සොයා බලන බව ද, දින 10න් 10ට පවත්නා සෞඛ්‍ය තත්ත්වයන් සමාලෝචනයට ලක් කරමින් එම තීරණය ගැනීමට සුදුසු පසුබිම පිළිබඳ විමසා බලන බව ද සඳහන් කළ අමාත්‍යවරයා, කවර හේතුවක් මත වුව ද දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව දෙවැනිතැනට දමා කටයුතු නොකරන බව ද සඳහන් කළේය.

2021 නව පාසල් වාරය වෙනුවෙන් ජනවාරි 11 දින සිට ආරම්භ කෙරෙන පාසල්වල සෞඛ්‍යාරක්ෂාව තහවුරු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව පාසල්වල සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සහ අවශ්‍ය පහසුකම් ස්ථාපනය වෙනුවෙන් රුපියල් මිලියන 105 ක මූල්‍ය ප්‍රතිපාදන අදියර දෙකක් යටතේ මේ වනවිටත් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

එමෙන්ම යුනිසෙෆ් ආයතනය මගින් උෂ්ණත්ව මාපක 1393ක්  ද, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උෂ්ණත්ව මාපක 1000ක් ද පාසල් වෙනුවෙන් ලබාදීමට එකඟ වී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

පාසල් තුළ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති 2020-5-11 දිනැති 15/2020 දරන චක්‍රලේඛ ප්‍රකාරව හා 2019/2 දරන පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන චක්‍රලේඛයත්, 2020-11-19 දිනැති උපදෙස් ලිපියත් අනුව පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු සිදුකළ යුතු  අතර, ඒ අනුව සති දෙකකට වරක් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව රැස්ව පාසලේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතු බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා, පාසල් ආපන ශාලා විවෘත කිරීම සම්බන්ධ ව තීරණයක් ලබාදීම තවදුරටත් සලකා බලන බව ද ප්‍රකාශ කළේය. එහෙත් පාසල් නේවාසිකාගාර තුළ ආපන ශාලා සමාජ දුරස්ථභාවය ආරක්ෂා වන අයුරින් විවෘත කිරීමට උපදෙස් දී තිබේ.

කිසියම් දරුවෙකු රෝගාතුරව සිටීනම් හෝ නිවැසියෙකු රෝගාතුරව සිටී නම් හෝ PCR  පරීක්ෂාවකට ලක් ව ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටී නම් එවැනි නිවෙස්වල දරුවන් පාසල් නොඑවීමට දෙමව්පියන් වගබලාගත යුතු බව ද අමාත්‍යවරයා සිහිපත් කළේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.