මහනුවර ඇසළ මංගල්‍යය හෙට ඇරඹෙයි
- 2022-07-28 09:45:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීමේ මංගල්‍යය ජූලි මස 29 දින අළුයම තුනයි තුනට යෙදෙන සුබ මොහොතින් සිව් මහා දේවාලයන්හි දී සිදුකරන බව වන දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
මහනුවර ඓතිහාසික නාථ,විෂ්ණු,කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලයන්හි 29 වන දින අළුයම 3.03 ට යෙදෙන සුබ මොහොතේදී මෙම කප් සිටුවීමේ මංගල්‍යය සිදු කිරීමට නියමිත බවද ඒ මහතා කීය.
සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් පසුව දේවාල අභ්‍යන්තර පෙරහර පහක් පැවැත් වන අතර ඉන් අනතුරුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය වීදී සංචාරය ආරම්භ කරමින් ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු මස දෙවන දින ආරම්භ වෙයි.
2022 අගෝස්තු මස දෙවනදා සිට හයවනදා දක්වා කුඹල් පෙරහැර වීදී සංචාරය කිරීමෙන් පසුව අගෝස්තු මස හත් වනදා සිට රන්‍දෝලි පෙරහර වීදී සංචාරය අරඹයි.මෙවර ප්‍රථම රන්දෝලි පෙරහර අගෝස්තු මස හත් වන දින වීදි සංචාරය කරයි.
අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන අගෝස්තු මස 11 වන දින රාත්‍රියේ වීදි සංචාරය කිරීමෙන් අනතුරුව පසු දින අළුයම ගැටඹේ දියකපනා තොටේදී දිය කැපීමේ මංගල්‍යය සිදු කෙරෙයි.
අනතුරව දහවල් පෙරහර වීදී සංචාරය කර මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වීමට නියමිත බව දෑල බණ්ඩාර මහතා කීය. වසර තුනකට පසුව මහජන සහභාගිත්වයෙන් මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වීම විශේෂත්වයක් වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments