මහාචාර්ය මලික් පීරිස් මහතාට චීන නොබෙල් ත්‍යාගය
- 2021-09-13 00:11:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීන රජය විසින් පිරිනමන "අනාගත විද්‍යා ත්‍යාගය" 2021 සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රකට මහාචාර්යවරයෙක් වන මලික් පීරිස් මහතාට හිමිව තිබේ.
මෙම ත්‍යාගය චීන නොබෙල් ත්‍යාගය ලෙසින්ද හඳුන්වන අතර මහාචාර්ය මලික් පීරිස් මහතාට අමතරව චීන ජාතික මහාචාර්යවරයෙකු වූ යූන් ක්වොක් යුන්ග් මහතාටද මෙම ත්‍යාගය හිමිව තිබේ.
මෙම ත්‍යාගයත් සමගින් මහාචාර්යවරුන් දෙපළට ඇමෙරිකානු ඩොලර් මිලියනය බැගින් මුදල් ත්‍යාගද හිමිවෙයි.
2003 වර්ෂයේ දී සාර්ස් සහ මර්ස් යන වෛරසයන් පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ මඟින් හඳුනාගැනීම හේතුවෙන් එම ත්‍යාගය පිරිනමා තිබේ.
මලික් පීරිස් මහතා හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ මහාචාර්යවරයෙකු වන අතර යූන් ක්වොක් යුන්ග් මහතා එම විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර ජීවි විද්‍යා අංශයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනු ලබයි.
2016 වර්ෂයේ සිට චීනය විසින් කීර්තිමත් විද්‍යාඥයින් සඳහා විද්‍යාත්මක සොයාගැනීම් වෙනුවෙන් සහ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය වෙනුවෙන් "අනාගත විද්‍යා ත්‍යාගය" පිරිනමන බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments