Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 6 853 690ක් (සියයට 59) හිමිකර ගනිමින් අති විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්විය.

ඔවුන් ආසන ආසන 145 (ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 17ද සමග) හිමිකර ගැනීමට සමත්වෙමින් තුනෙන් දෙකක බලයට ඉතාමත් ආසන්න විය.

දෙවැනි ස්ථානයට පත්වූ සමගි ජන බලවේගය ඡන්ද 2 771 980 (සියයට 23.99) ලබාගත් අතර ඔවුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 7ක්ද සමගින් සමස්ත මන්ත්‍රීධුර 54ක් හිමිවිය.

මේ අනුව පළමු හා දෙවැනි ස්ථානට පත්වූ පක්ෂ දෙක අතර ඡන්ද පරතහර ලක්ෂ 41කට ආසන්න වෙයි.

තෙවැනි ස්ථානට පත්වූ ඉලංකෛයි තමිල් අරුසකච්චි පක්ෂය ඡන්ද 327 168ක් ලබාගැනීමට සමත්ව ඇති අතර ඔවුන්ට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක සමගින් මන්ත්‍රීධුර 10ක් හිමිව තිබේ.

සිවුවැනි ස්ථානයට පත්වූ ජාතික ජන බලවේගය ඡන්ද 445 958ක් ලබාගැනීමට සමත්වූ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් සමගින් ඔවුන්ට මන්ත්‍රීධුර 03ක් හිමිව තිබේ.

අහිල ඉලංකෛයි දමිල කොංග්‍රසය ඡන්දය 67 766ක් ලබාගනිමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් සමගින් මන්ත්‍රීධු 2ක් ජයග්‍රහය කරමින් පස්වැනි ස්ථානයට පත්ව තිබේ.

ඊපීඩීපී සංවිධානය න්ද 61 464ක් ලබාගමින් මන්ත්‍රීධුර දෙකක් හිමිකරගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට මෙවර තරග කිරීමෙන් එක් මන්ත්‍රීධුරයක්වත් හිමිනොවූ අතර ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධරයක් හිමිව තිබේ.

මීට අමතරව

අපේ ජන බල පක්ෂයට ජාතිය ලැයිස්තු මන්ත්‍රීධරයක්, TMVP පක්ෂයට එක් මන්ත්‍රීධුරයක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් මන්ත්‍රීධුරයක්,  මුස්ලිම් ජාතික සන්ධානයට එක් මන්ත්‍රීධුරයක්, TMTK පක්ෂයට එක් මන්ත්‍රීධුරයක්, ACMC පක්ෂයට එක් මන්ත්‍රීධරයක්, ජාතික කොංග්‍රසයට එක් මන්ත්‍රීධරයක්, මුස්ලිම් කොංග්‍රසයට එක් මන්ත්‍රීධුරයක් හිමිව තිබේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.