මාතර රාහුල විද්‍යාලයේ සිසුහු ජනාධිපති මන්දිරය නැරඹීමට පැමිණෙති
- 2025-04-07 18:12:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාතර රාහුල විද්‍යාලයේ ශිෂ්‍යයෝ පිරිසක් ජනාධිපති කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා අද (07) පැමිණියහ.
ජනාධිපති කාර්‍යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ පාසල් දරුවන්ගේ අධ්‍යයන ක්ෂේත්‍රයන්ට අදාළව ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, කොළඹ වරාය නගරය
හා පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව උදා කර දී ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන, පාර්ලිමේන්තු ඉතිහාසය, විධායකයේ කාර්යභාරය සහ නීතියේ ආධිපත්‍යය සම්බන්ධව එම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍යයන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්ද මෙයට සමගාමීව ක්‍රියාත්මක කෙරිණි.
මීට අමතරව, “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව මාතර රාහුල විද්‍යාලය ආරම්භ කළ රුක් රෝපණ සතිය නිමිත්තෙන් එම විද්‍යාලය වෙත වටිනා ශාක ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්ම මහත්මීහු අතින් සිදු විය.
ජනාධිපති ලේකම් කාර්යාලය නැරඹීමට පැමිණ සිටි පාසල් සිසුන් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය සහ ජනාධිපති ලේකම්වරයා හරවත් දේශනද සිදු කළහ.
මෙහිදී, සිසුන් අග්‍රාමාත්‍යවරිය වෙත ප්‍රශ්න කිහිපයක්ද යොමු කළ අතර, අග්‍රාමාත්‍යවරිය එම ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නාය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. එම්. එන්. කුමාරසිංහ, ජනාධිපති උපදේශක (නීති) නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර, අධ්‍යක්ෂ (ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ) එයාර් කොමදෝරු ආසිරි ගාල්ලගේ, සහකාර අධ්‍යක්ෂ නදීක දංගොල්ල යන මහත්වරුද, මාතර රාහුල විද්‍යාලයේ විදුහල්පතිනි සමිතා කුරුකුලසූරිය මහත්මිය ඇතුළු ගුරු භවතුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Reply To:
Name - Reply Comment
0 Comments