මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025

2024 ඔක්තෝබර් මස 13 පෙ.ව. 03:31 - {{hitsCtrl.values.hits}}  

වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න

මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන්

විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන

මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025

හැඳින්වීම

අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය. කොළඹ මහජන පුස්තකාලය 2025දී සිය 100වැනි වසර සමරයි. විජය ළමා පුවත්පත සිය 45වැනි වියට පා තබන්නේ 2025දීය.

මේ සියලු සැමරීම් මුල් කර ගනිමින් සිය නිර්මාණාත්මක ලේඛන කුසලතා එළි දක්වන ලෙස,   පාසල් සිසු - ගුරු ලේඛක ලේඛිකාවන්ට අපි   ආරාධනය කරමු.   

පාසල් ගුරුවරුන් ස‍ඳහා වූ යොවුන් නවකතා අත්පිටපත් තරගය

කොන්දේසි

  1. රජයේ හෝ පිළිගත් පාසලක හෝ  ගුරැ භවතකු ලෙස සක්‍රීය සේවයේ යෙදී සිටිය යුතුය.
  2. ගුරැවරැන් යන යෙදුමට විදුහල්පතීන්ද අයත් වේ.
  3. යොවුන් නවකතාවේ වචන සංඛ්‍යාව 15,000 – 20,000ක් තරම විය යුතුය.
  4. නිර්මාණ තේමාව වන්නේ ලාංකික - යෞවනත්ව සංවර්ධනයයි.
  5. පාසල් ළමුන් සඳහා වූ   ළමා නවකතා  අත්පිටපත් තරගය
  6. රජයේ හෝ පිළිගත් පාසලක හෝ  සිසුවකු / සිසුවියක විය යුතුය.
  7. ළමා නවකතාවේ වචන සංඛ්‍යාව වචන 12,000 – 15,000ක් තරම විය යුතුය.
  8. නිර්මාණ තේමාව වන්නේ %ලාංකික - සුන්දර ළමා විය^යි.

පොදු කොන්දේසි

  1. එක් අයදුම්කරැවකු විසින් ඉදිරිපත් කළ යුත්තේ එක් නිර්මාණයක් පමණි.
  2. චිත්‍ර සටහන් හෝ පිට කවරය හෝ  ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ.
  3. A4 තනි පිටුවේ පරිගණක අකුරෙන් හෝ පැහැදිලි අත් අකුරින් හෝ අත් පිටපත් ඉදිරිපත් කළ යුතුය.
  4. සෑම නිර්මාණයකම පිටපත් දෙකක් ඉදිරිපත් කළ යුතුය.
  5. නිර්මාණ පිටපත් දෙක  සමග අයදුම්පතක් අමුණා තිබිය යුතුය.
  6. පිටු අනු පිළිවෙළින් අංක කර, වම් කෙළවරේ ඉහළින් පමණක් අමුණා තිබිය යුතුය.
  7. කිසිම ආකාරයකට වෙනත් නිර්මාණයක් පිටපත් කර, අනුකරණය කර හෝ ආදර්ශයට ගෙන හෝ නොතිබිය යුතුය. සියයට සියයක්ම ස්වතන්ත්‍ර නිර්මාණයක් විය යුතුය.
  8. තමන් විසින් ඉදිරිපත් කරනු ලබන නිර්මාණයේ මුල් පිටපත තමන් වෙත තබා ගත යුතුය.
  9. ව්‍යාකරණානුකූල හා රසවත් භාෂා ව්‍යවහාරයක් අනුගමනය කර තිබිය යුතුය. කථන භාෂාවෙන් ඉදිරිපත් කරන නිර්මාණ ප්‍රතික්ෂේප කරනු ලැබේ.
  10. විද්‍යා ප්‍රබන්ධ ඉදිරිපත් නොකළ යුතුය.
  11. නිර්මාණය තුළ දේශීයත්වය නිරෑපණය විය යුතුය.
  12. පොදුවේ ගත් කළ ලාංකික දරැවන්ගේ ජීවිතවල විචිත්‍රත්වය, ඔවුන් මුහුණ දෙන පොදු ගැටලු, ඔවුන්ගේ ආත්ම විශ්වාසය හා ආත්ම ධෛර්යය, පොදු ජන ජීවන රිද්මය නිර්මාණය තුළ නිරෑපණය විය යුතුය. එසේම මොනම ආකාරයක හෝ සමාජ ගර්හාවන්, හෙළා දැකීම්, අපහාස හා අවමාන ඇතුළත් නොවිය යුතුයි.  මෙම නිර්මාණ මෙරට ළමයින්ගේ හා යෞවනයන්ගේ ජීවිත වඩාත් ප්‍රබෝධවත් හා සාරවත් කරන්නට සමත් විය යුතුය. 
  13. තරගාවලිය සිංහල මාධ්‍යයෙන් පමණක් පැවැත්වේ.
  14. වෙනත් සාහිත්‍ය තරගයකට ඉදිරිපත් කරන ලද කෘතියක් මෙම තරගය සඳහා ඉදිරිපත් කළ නොහැකිය. එසේම මෙම තරගයට ඉදිරිපත් කරන කෘතිය මෙම තරගයේ ප්‍රතිඵල නිකුත් කරන තෙක් වෙනත් තරගයක් සඳහා ඉදිරිපත් කළ නොහැකිය.
  15. අයදුම් පතේ හැර නිර්මාණ පිටපත්වල කිසිම තැනක ලේඛක හඳුනා ගත හැකි කුමන හෝ ආකාරයක සටහනක්, සලකුණක්, ලාංජනයක් නොයෙදිය යුතුයි.
  16. විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.

ගුරු තරගයේ ත්‍යාග

පළමු ස්ථානය:         මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ සම්මානය - 2025  හා

   රුපියල් 25,000ක මුදල් ත්‍යාගය

දෙවන ස්ථානය:       රුපියල් 15,00ක මුදල් ත්‍යාගය

තුන්වන ස්ථානය:      රුපියල් 10,000ක මුදල් ත්‍යාගය

සිසු තරගයේ ත්‍යාග

පළමු ස්ථානය:         මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ සම්මානය -  2025  හා

                            රුපියල් 25,000ක මුදල් ත්‍යාගය

දෙවන ස්ථානය:        රුපියල් 15,000ක මුදල් ත්‍යාගය

තුන්වන ස්ථානය:      රුපියල් 10,000ක මුදල් ත්‍යාගය

නිර්මාණ භාර ගන්නා අවසාන දිනය 2024 ඔක්තෝබර්  31

       සියලු නිර්මාණ ලියා පදිංචි තැපෑලෙන් එවන්න.

මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය -2025,

ප්‍රධාන පුස්තකාලයාධිපතිනිය,    මහජන පුස්තකාලය,   කොළඹ 07.

මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025

         නිර්මාණ ඉදිරිපත් කිරීම (ආදර්ශ අයදුම්පත)

  1. මුලකුරු සමග නම:
  2. සාහිත්‍යකරණයේදී භාවිත කරන නම:
  3. පාසලේ නම හා ලිපිනය:
  4. පෞද්ගලික තැපැල් ලිපිනය:
  5. විද්‍යුත් ලිපිනය:
  6. වට්ස්ඇප් ලිපිනය (ඇත්නම්):
  7. ජංගම දුරකථන අංකය:
  8. නිර්මාණයේ නම:
  9. වචන සංඛ්‍යාව:
  10. ප්‍රකාශය: මෙම නිර්මාණය මුළුමණින්ම ස්වතන්ත්‍ර බව සහතික කරමි. විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය බව පිළි ගනිමි.

 

දිනය:                                                                       අත්සන:

--------------------------------------------------------------------------------------

විදුහල්පතිතුමාගේ /තුමියගේ සහතිකය

මෙම නිර්මාණය ඉදිරිපත් කරන .................................................... මෙම පාසලේ ගුරැභවතකු / විදුහල්පතිවරයෙකු ලෙස සක්‍රීය සේවයේ යෙදී සිටින බවත් / .......... වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා බවත් සහතික කරමි.  මගේ දැනුමේ හැටියට මෙම නිර්මාණය ඔහුගේ / ඇයගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් බවත් සහතික කරමි.

 

දිනය:                                                                                                     විදුහල්පතිතුමාගේ / තුමියගේ අත්සන හා

නිල මුද්‍රාව

 

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...