මිනිසුන්ගෙන් සතුන්ට කොවිඩ් ගියත් සතුන්ගෙන් මිනිසුන්ට හැදිලා නෑ
- 2021-06-18 22:57:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් -19 වෛරසය සත්වෝද්‍යානවල සතුන් බලාගන්නා පුද්ගලයන්ගෙන් සතුන්ට ආසාදනය වීම හැර නැවත එය සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වීමේ තත්වයක් ලොව මෙතෙක් වාර්තා වී නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පවසා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (18දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඒ නුව දැනට පවතින දත්ත අනුව බළලුන්, ගෝරිල්ලන් සහ මුගටින්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඇය පෙන්වා දුන්නාය.
දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයෙකුට කොවිඩ් ආසාදනය වීම සම්බන්ධයෙන් පැහැදලි කරමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.
Reply To:
Name - Reply Comment
0 Comments