Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ‍්‍රී දළදා මාලිගාවේ දළදා කරඩුවද කිහිප අවස්ථාවක් වැඩමවු කෑගල්ල මිල්ලන්ගොඩ ජයන්ති ඈතා ඊයේ (29) පස්වරුවේ මිය ගිය බව හිටපු පළාත් සභා මන්ත‍්‍රී ආනන්ද මිල්ලන්ගොඩ මහතා අප කරන ලද විමසිමකදි පැවසිය.

මිය යන විට වයස අවුරුදු 68 ක් පමණ වන මෙම හස්තියා. වයස අවුරුදු හතරේදි දෙහිවල සත්වෝද්‍යානයේ පැවැති ප‍්‍රසිද්ධ වෙන්දෙසියකදි රුපියල් 5500 ක වටිනාකමකට වෙන්දේසි වු අවස්ථාවේ දැනට 95 වන වියේ පසු වෙන එස්.ආර්.එස් මිල්ලංගොඩ මහතා ( මිල්ලන්ගොඩ ලොකු මහත්තයා)  විසින් එකල මිලදි ගත් හස්තියෙකි.

මෙම ඈතා ජයන්ති නම් වන අතර පොඩි රාජා ලෙසින්ද හදුන්වයි.  1956 බුද්ධ ජයන්ති වසරේ මෙම ඈතා මිලදි ගෙන තිබු නිසා ඈතාට ජයන්ති නම යොදා ඇත. ඈතා මිය යන විට අඩි 9 කට ආසන්න උසකින් යුක්ත විය. දිවයින පුරා වෙහෙර විහාරස්ථාන රැසකටම  පෙරහැර අවස්ථාවන් වලට සහභාගි වි ඇති මෙම හස්තියා 2016 වසරේද කිහිප වතාවක් ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාවේ සදාතුක කරඩුව වැඩමා ඇති අතර 2017 වසරේ ප‍්‍රථම රන්දෝලි පෙරහරේ සදාතුක කරඩුව වැඩමා ඇති බව මාධ්‍ය වෙත අදහස් දැක්වු හිටපු පළාත් සභා මන්ත‍්‍රී ආනන්ද මිල්ලන්ගොඩ ( මිල්ලන්ගොඩ ලොකු මහතාගේ පුතණුවන් )  මහතා පවසයි.

මිට පෙර මිල්ලන්ගොඩ ලොකු මහත්මයා ලග හැදි වැඩුණු  2011 වසරේ ආගොස්තු 07 වැනිදා මිය ගිය මිල්ලන්ගොඩ හස්තියා අසියාවේ දිගම දළ ඇති හස්තියා වන අතර ශ‍්‍රී දළදා කරඩුවම කිහිප විටක්ම වැඩම විමට පිං මහිමය ලබා තිබු හස්තියෙකි. මිය යන විට දිවයින පුරා වෙහෙර විහාරස්ථාන රැසකම  කරඩුව වැඩමවා තිබු එම හස්තියාද උතුම් යහපත් ගුණ ධර්මයන්ගෙන් පිරි හස්තියෙකි.

කෑගල්ල මිල්ලන්ගොඩ මහතාගේ නිවස ඉදිරිපිට කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගයට යාබදව මෙම හස්තියාගේ අනු කොටස් වලින් කෞතුගාකාගාරයක් සකස් කර ඇති අතර එහි යන ඔනෑම කෙනෙකුට මිය ගිය හස්තියාගේ පිළිරුව දැක බලා ගැනිමට හැකි වන්නේය. මෙම හස්තියා මිය යන විට මිල්ලන්ගොඩ ලොකු මහතාට ඉතිරි වි සිටි අලි පරපුරේ එකම දල ඇති හස්තියා වන්නේ ඊයේ පස්වරුවේ මිය ගිය ජයන්ති ඈතාය.

තවත් හස්තින් තිදෙනෙක් පමණ සිටින අතර ඔවුන් දල ඇති හස්තින් නොවෙන බව අප මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා යන විට දැන ගැනිමට හැකි විය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.