මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳව කළමනාකරණ හා නියාමන ජාතික කමිටුවක්
- 2021-03-09 10:54:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ කළමනාකරණ හා නියාමන ජාතික කමිටුව යනුවෙන් කමිටුවක් පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.
දැනට පවතින නෛතික රාමුවට අනුව ශ්‍රී ලකාවේ මුල් ළමාවිය අධ්‍යාපන ක්‍රමවේදය මධ්‍යම රජය හා පළාත් සභාවලට අයත් ආයතනික ස්ථිර කිහිපයක් හරහා සිදුවන සම්බන්ධීකරණයක් ක්‍රියාත්මක වෙයි.
එම ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් ජාතික මට්ටමින් පවත්වා ගැනීමේ හා අධීක්ෂණය කිරීමේ ක්‍රියාවලිය බලගැන්වීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.
ඒ අනුව පෙර පාසල්, මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ජාතික මට්ටමින් නියාමනය, අධීක්ෂණය,, හා මග පෙන්වීම සඳහා අදාළ ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් හා තීරණ ගනු ලබන නිලධාරීන්ගෙන් සමන්විතව මෙම කමිටුව පිහිටුවීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments