මෙරට අධ්‍යාපන පද්ධතිය සංවර්ධනයට ඇමරිකානු රජයේ සහාය
- 2020-09-24 13:11:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් ඇමරිකානු රජය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ ඇමරිකානු තානාපති Alaina B. Teplitz මහත්මිය අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ හමුවක දී අනාවරණය විය.
එහි දී ඇමරිකානු තානාපති Alaina B. Teplitz මහත්මිය පැවසූයේ, මෙරට පාසල් පද්ධතිය තුළ ඉංග්‍රීසි අධ්‍යාපනය නඟාසිටුවීම සහ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ (NITA) පුහුණුව ලබන සිසුන් වෙත ඉංග්‍රීසි අධ්‍යාපන පාඨමාලා සැලසුම් කර ක්‍රියාවට නැංවීමට ඇමරිකානු තානාපති කාර්යාලයේ සහාය ලබාදිය හැකි බවයි.
එමෙන් ම නව රජය විසින් අධ්‍යාපන පද්ධතිය තුළ ඉදිරියේ දී සිදුකරනු ලබන සංවර්ධන ක්‍රියාදාමයන් වෙනුවෙන් ඇමරිකාවේ පූර්ණ සහයෝගය ලබාදිය හැකි බව ද, සහාය අවශ්‍ය කරන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තොරතුරු ඒ සඳහා ලබා දෙන මෙන් ද මෙහිදී තානාපතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
Reply To:
Name - Reply Comment
0 Comments