මෙරට පළමු කෘෂි තාක්ෂණාගාරය නැගෙනහිරට
- 2022-12-28 16:02:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කාර්මික තාක්ෂණ ආයතනය සහ නැගෙනහිර පළාත් සභාව එක්ව මෙරට ප්‍රථම වතාවට ISO ප්‍රමිතියෙන් යුතු කෘෂි තාක්ෂණ රසායනාගාරයක් ඇති කිරීම සදහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිම ඊයේ (27දා) දහවල් පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.
ආණ්ඩුකාරවරිය විසින් ක්‍රියාවට නංවන ලද දැයට හිතැති තිරසර කෘෂි සංස්කෘතිය නමැති ව්‍යාපෘතියට සමගාමිව මෙම නව රසායනාගාරය ඉදිකෙරෙණු ඇති.
එම ගිවිසුමට අත්සන් කිරීම සිදුවුයේ නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්. රත්නායක සහ කාර්මික තාක්ෂණික ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල් ජේ.කේ.ආර්.රාධිකා සමරසේකර අතරය.
මෙම නව රසායනාගාරය හරහා කාබනික පොහොර සහ යෙදවුම්, බීජ සහ රෝපණ ද්‍රව්‍ය, කෘෂිකාර්මික ආහාර සහ පස් නියැදි පරික්ෂාව සිදු කෙරෙන අතර එම සහතික සදහා දේශිය සහ විදේශිය වටිනාකමක් ලබාදිමද විශේෂත්වයකි.
දැනට දිවයිනේ මෙවැනි රසායනාගාර 2ක් මහඉලුප්පල්ලම සහ ගන්නෝරුව කෘෂි පර්යේෂණ ආයතන වල පිහිටා ඇති අතර කාර්මික තාක්ෂණ ආයතනයේ මැදිහත් විමෙන් සියලු පහසුකම් වලින් සපිරි ISO ප්‍රමිතියෙන් යුතු මෙවැනි රසායනාගාරයක් නොමැත. මේ අතර කාබනික කෘෂි නිෂ්පාදන වලට රසායනාගාරයක සහතිකයක් තිබිමෙන් ජත්‍යන්තරය තුල ඉතා ඉහළ වටිනාකමක් ලැබෙන අතර ජත්‍යන්තර වෙළදපොළ ජයග්‍රහණය කිරීමේ පහසුවද සැලසේ.
යෝජිත නව රසායනාගාරය ඉදි කිරීමෙන් දැනට කෘෂි බෝග බහුල වශයෙන් වගා කෙරෙන උතුරු මැද සහ උතුරු පළාත් වල ගොවින්ට ද දුර බැහැර නොගොස් මේ හරහා පරීක්ෂණ කටයුතු සිදු කර ගැනීමටද හැකිවිම විශේෂත්වයකි.
මෙහිදි අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය කියා සිටියේ අද රටේ විශාල ඩොලර් හිඟයක් පවතින බැවින් ගොවින්ට මෙමගින් ලබා ගන්නා වටිනා තත්ව සහතිකයක් මගින් සිය නිෂ්පාදන ජත්‍යන්තර වෙළදපොළට යවා රටට ඩොලර් ගෙන ඒමේ හැකියාව ඇතිවන බවයි.
Reply To:
Name - Reply Comment
0 Comments