Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රටේ ආර්ථිකයට මෙන් ම සංචාරක කර්මාන්තයට සුවිශේෂී ආයෝජනයක් වශයෙන් මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් ගරු අගමැති මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබේ.

මේ අනුව ශ්‍රී ලංකාව සීඝ්‍ර සංවර්ධන මාවතකට යොමු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන විශේෂ සංවර්ධන ව්‍යාපෘති අතර එක් ව්‍යාපෘතියක් වූ නුවරඑළිය නගර සංවර්ධනයට ඇතුළත් කේබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කිරීම පසුගිය දා නිල වශයෙන් ආරම්භ කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ක්‍රියාත්මක කෙරෙන නුවරඑළිය සංවර්ධන ව්‍යාපෘතිය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් තවත් සංවර්ධන ව්‍යාපෘතියකි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කරනු ලබයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරය සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම කේබල් කාර් ව්‍යාපෘතිය මඟින් නුවරඑළියට පැමිණෙන සංචාරකයින්ට සුව පහසුව සහ විනෝදාස්වාදය මෙන්ම සියලු පහසුකම් ලබාදීමට ද අපේක්ෂා කෙරේ. නුවරඑළියේ ක්‍රියාත්මක කෙරෙන අනෙක් සංවර්ධන ව්‍යාපෘති මෙන් ම මෙම ව්‍යාපෘතිය ද දෙස්, විදෙස් සංචාරකයින්ගේ වැඩි අවධානයක් හිමිකරගනු ඇති බව අපේක්ෂා කෙරේ. එමෙන් ම මෙම කේබල් කාර් ව්‍යාපෘතිය සංචාරකයින්ට නැවුම් අත්දැකීමක් ගෙන දීමට ද සමත් වෙනු ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය විශ්වාස පළ කරයි.

නානුඔය සිට නුවරඑළිය දක්වා අදියර 02 කින් කිලෝමීටර් 04 ක් දුරට දිවෙන මෙම කේබල් කාර් ව්‍යාපෘතිය තුළින් පරිසරයේ චමත්කාරය විඳ ගැනීමටත් ඉහළ අහසේ සිට අවට ප්‍රදේශ විවිධ කෝණවලින් නැරඹීමටත් අවස්ථාව උදාකර දීම මෙහි මූලික අරමුණයි. සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති බොහෝ රටවල මෙවැනි කේබල් කාර් ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.

නුවරඑළිය දිස්ත්‍රික්කය දෙස් විදෙස් සංචාරකයින් බහුලව ගැවසෙන ප්‍රදේශයකි. මෙම ප්‍රදේශයට සංචාරකයින් බහුලව ආකර්ෂණය කරගැනීමට ද ඉවහල්වන බව නාගරික සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

සියලු සංවර්ධන කටයුතු සඳහා ප්‍රධාන සහ මූලික සැලසුම් මේ වන විට සකස් කර අවසන් කර තිබේ. ඉදිරි මාස 18 ඇතුළත යෝජිත කේබල් කාර් ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කිරීමට අදාළ සියලු සැලසුම් මේ වන විට සකස් කර තිබේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.