මෙරට ප්‍රමුඛතම සරසවිය ලෙස කොළඹ සරසවිය නම් කරයි
- 2022-02-09 15:40:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාත්‍යන්තර වෙබෝමෙට්‍රික්ස් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලය ලෙස කොළඹ විශ්වවිද්‍යාලය නම් කරනු ලැබ ඇත.
ජාත්‍යන්තරව පිළිගත් සෙසු විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ දර්ශකයන්හි ද කොළඹ විශ්ව විද්‍යාලය ප්‍රමුඛස්ථානයට පැමිණ ඇති අතර, 2021 වසරේ සිමාගෝ ආයතනික ශ්‍රේණිගත කිරීමේ දර්ශකයට අනුව ද ශ්‍රී ලංකාවේ අංක එකේ විශ්ව විද්‍යාලය බවට පත්වූයේ කොළඹ විශ්වවිද්‍යාලයයි.
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් වන කොළඹ විශ්ව විද්‍යාලය පීඨ නවයක්, ආයතන හතක්, මධ්‍යස්ථාන හතක්, මණ්ඩපයක් හා පරිගණක විද්‍යායතනයකින් සමන්විත වේ.
බහුවිධ ශාස්ත්‍රීය ශික්ෂණ හා අධ්‍යයන ධාරා රාශියක් අධ්‍යයනය සඳහා අවකාශ සලසාදෙන කොළඹ විශ්වවිද්‍යාලය තුළ ප්‍රථම, පශ්චාත් උපාධි, ඩිප්ලෝමා හා සහතික පත්‍ර ආදී පාඨමාලා හදාරන වශයෙන් විද්‍යාර්ථිහු 37,636 ක් අධ්‍යාපනය ලබති.
2022 වසරේ මුල් අදියරේ වෙබෝමෙටි්‍රක්ස් දර්ශකයේ ඉහළම ස්ථානයට පැමිණීම මගින් විශ්ව විද්‍යාලයේ ගුණාත්මක භාවයකින් යුත් පර්යේෂණ, ඉගැන්වීම් ක්‍රියාවලියේ විශිෂ්ටත්වය, ජාත්‍යන්තර පිළිගැනීම හා ප්‍රජාව, ආර්ථික හා කර්මාන්ත ක්ෂේත්‍ර සමග ඇති සබඳතාවය ඉස්මතු වන බව එම විශ්ව විද්‍යාලය පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments