Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා සංචාරයට එක්වූ එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලීට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම ක්‍රිකට් මණ්ඩලය පවසන්නේ එංගලන්ත කණ්ඩායම හම්බන්තොටට පැමිණීමෙන් අනතුරුව කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයේදී මොයින් අලීට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.

ශ්‍රී ලංකා රජයේ සෞඛ්‍යමය මාර්ගෝපදේශ අනුව මොයින් අලී දින 10ක කාලයක් ස්වයං හුදෙකලා වන බවත් තවදුරටත් පරීක්ෂණ කරන බවත් ක්‍රිකට් මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ශ්‍රී ලංකාවට පැමිණි එංගලන්ත කණ්ඩායම නැවත වතාවක් හෙට දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණයට ලක්වීමට නියමිතය.

 ඉන් අනතුරුව කණ්ඩායම බදාදා දිනයේදී සිය පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.