යටවත්ත ශ්‍රී මලියදේව දහම් පාසලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම

2025 මැයි මස 20 පෙ.ව. 11:22 - {{hitsCtrl.values.hits}}  

මාතලේ යටවත්ත ශ්‍රී මලියදේව දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳුවීම පසුගියදා විහාරස්ථානයේදී සිදුකෙරිණි. 
ශ්‍රී ලංකා අමරපුර සිරි සුමන පාර්ශවයේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක, දීවිල්ල ශ්‍රී ධර්මවර්ධනාරාම විහාරස්ථානය ඇතුළු විහාරගණයේ විහාරාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය ගලලියද්දේ අරියවංශ නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම කටයුතු සිදුවිය.

ප්‍රධාන ශිෂ්‍ය නායක  ලෙස  ශචිල සත්මික නිම්නාද ජයසේන දප්‍රධාන ශිෂ්‍ය නායිකාව  ලෙස  තිලෝචනා සත්සරණි ඒකනායක සිසුවියද තේරි පත් විය.

මෙම අවස්ථාවට ආරාධිතයින් දෙමාපියන් දහම් පාසල් සිසු දරු දැරියන් ඇතුළු පිරිසක් සහභාගි විය. .

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...