Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

තීතයේ යාපනයේ පැවති “යාපනය ගුරු සිරිත” රටේම ගුරුවරුන්ට මහඟු ආදර්ශයක් සැපයූ බවත්, එම අධ්‍යාපන ක්‍රමය නැවත ඇති කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ගුරු වෘත්තිය ආදර්ශයක් විය යුතු බවත් සටන් පාඨ කියමින් මහ පාරේ උද්ඝෝෂනය කරනවානම් ගුරුවරුන් සිසුන්ගෙන් ප්‍රතික්ෂේප වන බවත් පැවසු ජනාධිපතිවරයා වෘත්තීය ගෞරවය රැකෙන අයුරින් කටයුතු කිරීම සියලු ගුරුවරුන්ගේ වගකීම බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ යාපනය තන්දයි සෙල්වා ශ්‍රවණාගාරයේ ඊයේ (25) පැවති යාපනය දිස්ත්‍රික් ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි.

උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ 375 දෙනෙකු සඳහා මෙහිදී ගුරු පත්වීම් ප්‍රදානය සිදු කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව පත්වීම් ප්‍රදානයට එක් විය.

උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

අද ගුරු පත්විම් ලබන ඔබ සියලුදෙනා විශාල වගකීමක් භාර ගන්නවා. සිසුන් 35-40ක් සිටින පන්ති කාමරයක දරුවන්ගේ අනාගතය අද ඔබ භාරගන්නවා. එම දරුවන්ගේ අනාගතය නිර්මාණය වන්නේ ඔබේ මගපෙන්විම අනුවයි. එම වගකීම ඉටුකළ නොහැකි නම් ඔබ ගුරු වෘත්තියට සුදුසු වන්නේ නැහැ.

එදා යාපනයේ ගුරුවරු දිවයිනේ සෑම ප්‍රදේශයකටම සහ ජාත්‍යන්තරයටද අවශ්‍ය වුණා. ඔවුන් එම වගකීම විශාල කැපවීමකින් යුතුව ඉටු කළා. මම අධ්‍යාපනය ලැබු කොළඹ, රාජකීය විද්‍යාලයේත් යාපනයෙන් පැමිණි ගුරුවරුන් සිටියා. ඔවුන් විශාල කැපවීමකින් කටයුතු කළ අතර එම සුවිශේෂි කැපවීම නිසාම යාපනයේ සිටි ප්‍රසිද්ධ ගුරුවරු පිළිබඳ තවමත් සමාජයේ කථා බහකට ලක් වෙනවා. එම ගුරු සිරිත රටේම ගුරුවරුන්ට මහඟු ආදර්ශයක් වූ බව කිවයුතුයි.

යාපනය ගොඩනැගුනේ එහි අධ්‍යාපනය උසස් මට්ටමකින් පවත්වාගෙන ගිය නිසයි. යාපනයේ ඇතැම් පාසල් ලෝකය පුරා විශාල ප්‍රසිද්ධියක් ලබා තිබුණා. හාර්ට්ලි විද්‍යාලයේ ශිෂ්‍යයන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය තුළ සිය දක්ෂතා පෙන්නුවා. ඒ නිසා ඔබද එම ගෞරවනිය වෘත්තියට ඇතුළත් වන ලෙස මම ඉල්ලා සිටිනවා.

ගුරු වෘත්තිය තුළ ඔබ ආදර්ශයක් විය යුතුයි. සටන් පාඨ කියමින් මහ පාරේ කෑ ගසනවානම් සිසුන් ඔබව පිළිගන්නේ නැහැ. ඒ නිසා ඔබේ වගකීම නිසි ලෙස ඉටු කළයුතුයි.

එදා යාපනයේ හොද පාසල් ක්‍රමයක් පැවතුණා. අපේ හිටපු කථානායකවරයෙක් වන කේ.බී. රත්නායක මහතා අධ්‍යාපනය ලැබුවේ හාර්ට්ලි විද්‍යාලයේයි. යුද්ධය හේතුවෙන් ගුරුවරු ඉවත්ව ගිය නිසා එම පාසල පසුබෑමකට ලක් වුණා. යාපනයේ අධ්‍යාපන ක්‍රමය නැවත ජාත්‍යන්තර මට්ටමට ගෙන ආ යුතුයි.

උතුරේ මන්ත්‍රීවරු සහ විශ්විවිද්‍යාල නියෝජිතයන් ඇතුළු සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර යාපනයේ පාසල් ක්‍රමය නැවත පෙර පැවති ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට අදාළ සැලසුම් ආණ්ඩුවට ලබා දෙන ලෙස මම ආණ්ඩුකාරතුමියට දැනුම් දීමට කැමතියි.

දෙමළ හා සිංහල අධ්‍යාපනය පමණක් දරුවන්ට ලබාදීම ප්‍රමාණවත් නොවන අතර ඉංග්‍රිසි දැනුමද ඔවුන්ට ලබා දිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය ගුරුවරු බඳවා ගැනීමට කටයුතු කළයුතුයි. මෙය වසර 10-15ක දීර්ඝ වැඩපිළිවෙළක් වුවද දැන් සිටම එම කටයුතු ආරම්භ කළ යුතුයි.

ගුරු වෘත්තියේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් උතුරේ දරුවන් වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කිරීමට කැපවන ලෙස ඉල්ලා සිටිමින් අද පත්වීම් ලැබූ සියලුදෙනා වෙනුවෙන් මගේ සුබපැතුම් පළ කරනවා.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.