Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857


● අපේ රටේ ප්‍රධානතම ගැටලුවක් වන්නේ මධ්‍යම පරිමාණයේ කාර්මික ශිල්පීන්ගේ හිඟයයි
● ලංකාවේ විශ්වවිද්‍යාලවල කලා හා වාණිජ අංශවලට ඇතුළත් වීම 75%, විද්‍යාව හා තාක්ෂණ අංශයට ඇතුළත්වීම 25%.

 ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල කලා හා වාණිජ අංශවලට ඇතුළත් වීම 75්‍රක් සහ විද්‍යා හා තාක්ෂණ අංශයට ඇතුළත්වීම 25්‍රක් බවත් එය ශ්‍රී ලංකාවේ අනාගතයට විශාල ගැටලුවක් බවත් රාමුවෙන් පිට සිතන නවොත්පාදනයෙන් බල ගැන්වෙන තරුණ පිරසක් බිහි කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්   ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ සූර්ය තාක්ෂණ ශිල්පී ශ්‍රම බලකායක් බිහි කිරීම සඳහා වන තාක්ෂණික පාඨමාලාව සාර්ථක ව හදාරා අවසන් කළ නිපුණ ශිල්පීන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණුකිරීම් අධිකාරියේ කැණිමඬල ශ්‍රවණාගාරයේ දී මෙම උත්සවය පැවැත්විණි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, විද්‍යාව, තාක්ෂණය, ඉංග්‍රීසි හා ගණිතය යන විෂයන්ට  මූලිකත්වය දෙමින් බටහිර රටවලින් ආරම්භ වූ ‘ස්ටෙම්’ අධ්‍යාපන සංකල්පය (STEM Education) වර්තමානය වන විට කලා විෂය ද ඇතුළත් ව ‘ස්ටීම්’ (STEAM) ලෙස වර්ධනය වී ඇති බවත් මේ සංකල්පය, ඉදිරි වසර 10 තුළ  මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ  හැරවුම් ලක්ෂයක් සේ භාවිත කරමින් ග්‍රාමීය පාසල් වෙත ද එම විෂයන්ට අදාළ ගුරුවරුන් හා අදාළ පහසුකම් සැපයීමෙන් ඉදිරියේ දී උපාධිධාරී විරැකියාව නිමා කළ හැකි බවත්  පැවසී ය.

එසේ ම  මධ්‍යම මට්ටමේ කාර්මික ශිල්පීන්ගේ හිඟය, අප රට මුහුණ දී සිටින ප්‍රමුඛ ගැටලුවක් වන අතර එය පියවීම සඳහා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය ඇතුළු ආයතන දායක වන අතර අධ්‍යාපන ගඅමාත්‍යාංශය මෙම විෂය ආවරණය වන තාක්ෂණ අධ්‍යාපනය, සාමාන්‍ය අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය යන අංශ තුන ම මානව සම්පත් සංවර්ධනය යන පොදු විෂයට ගොනු කර කටයුතු කරන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා තාක්ෂණ විෂය දැනුම භාවිත  කරමින් ඒ ඔස්සේ ඉදිරියට යෑම සඳහා පේරාදෙණි, රුහුණු, කැලණි හා යාපනය යන විශ්වවිද්‍යාල ඒකාබද්ධ ව ලබා දෙන සහාය, කෘතවේදී ව සිහිපත් කළේ ය.

නිසි පර්යේෂණ, සමීක්ෂණ සිදු කර දේශපාලන පදනමින් තොර ව ඉදිරි ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් එම ව්‍යාපෘතිවල අඛණ්ඩ පැවැත්ම තහවුරු වන අතර ඒ ඔස්සේ ලද හැකි ව්‍යවසායකත්ව දැනුම, පාඨමාලාලාභීන්ගේ රැකියා නියුක්තිය ඉහළ නංවන, එසේ ම ස්වයං රැකියාවල නියැළීමට ද ඉඩ ප්‍රස්ථා විවර කර දෙන මනා වූ දැනුමක් වන බවත් පෞද්ගලික අංශයට පවා මෙය, මනා ආයෝජන අවස්ථාවක් වන බවත් සාම්ප්‍රදායික රාමුවෙන් බැහැර ව මේ සම්බන්ධයෙන් සිතා බලා ප්‍රතිපත්ති තීරණ ගැනීම මත රටට ඉදිරියට යා හැකි බවත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

රාජ්‍ය සේවයට මෑත දී බඳවාගත් උපාධිධාරීන් 53,000 අතරින් අධ්‍යාපන ක්ෂේත්‍රයට යොමු කර ඇති 31,000ට විභාගයක් පවත්වා ලකුණු මත සුදුස්සන් පමණක් ගුරුවරුන් වශයෙන් බඳවාගෙන ඔවුන් උපාධියට අමතර ව අධ්‍යාපන ඩිප්ලෝමා පුහුණු මගින් ද සන්නද්ධ කර අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය ඉහළ නංවන බව ද අමාත්‍යවරයා මේ අවස්ථාවේ දී පැවසී ය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.