Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රිදියගම සෆාරි උද්‍යානයේ 'ෂිනා'' නැමති සිංහ ධේනුව විසින් පසුගිය 17දා රාත්‍රී  පැටවුන් තිදෙනකු බිහිකර තිබෙන බව රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.

 මේ වන විට අවස්ථා හතරකදී සිංහ  ධේනුවන්  දෙදෙනකු විසින් පැටවුන් බිහිකර තිබෙන අතර මිට 'ෂිනා'' නැමති සිංහ ධේනුව විසින් 2017 වර්ෂයේදී පැටවුන් සිවු දෙනකු මෙන්ම ඊට අමතරව සහරා නමැති සිංහ ධේනුව විසින් 2016 වර්ෂයේදී පැටවුන් 02 දෙනකු බිහි තිබේ.

නමුත් සහරා පැටවුන්ට කිරි නොදීම හේතුවෙන් එම පැටවුන් දෙදෙනා මියගොස් තිබේ. එමන්ම 2018 වර්ෂයේදී නැවතත් එම සිංහ ධේනුව විසින් පැවුන් දෙදෙනකු බිහිකර තිබෙන අතර ඉන් එක පැටවෙකු මියගොස් ඇති අතර අනෙක් සිංහ පැටියා රිදියගම රිදියගම සත්වෝද්‍යානයේ නිලධාරීන් කිරි දී  හදාගෙන තිබේ.

පසුගිය 17 වනදා පැටවුන් තිදෙනෙකු බිහිකළ 'ෂිනා'' නැමති සිංහ ධේනුව වයස වුරුදු 02දි පමණ ජර්මනියේ සිට රැගෙන විත් දෙහිවල සත්වෝද්‍යානයේ වයස අවුරුදු 04ක් පමණ වන තෙක් සිට පසුව රිදියගම සත්වෝද්‍යානය වෙත ගෙනවිත් තිබේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.