රුසියා හමුදාවේ ඇතැම් අය යුක්රේනයට ආවේ ඇයිද දන්නේත් නෑ - සෙලෙන්ස්කි
- 2022-03-03 13:03:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රුසියානු ආක්රමණිකයන්ට එරෙහි සටන දිගටම කරගෙන යන ලෙස යුක්රේන ජනපතිවරයා ඊයේ (02දා) රාත්රියේ සිය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
සිය ෆේස්බුක් ගිණුම හරහා වීඩියෝ පණිවිඩයක් යොමුකරමින් යුක්රේන ජනපතිවරයා මේ බව පැවැසීය. කෙසේ වෙතත් තමන් සිටින තැන ඔහු මෙම වීඩියෝ පටය හරහා ප්රචාරය නොකිරීමටත් වග බලා ගත්තේය.
"ඔවුන්ට යුක්රේනියානුවන්ගෙන් දරුණු ප්රතික්ෂේප කිරීමක් ලැබෙනු ඇත. අපි සතියකින් සතුරාගේ සැලසුම් බිඳ දැමූ ජාතියක්,” යැයි ඔහු පැවැසීය.
යුක්රේන හමුදා විසින් අල්ලා ගත් රුසියානු සෙබලුන් හා කථා කිරීමේදී ඔවුන් යුක්රේනයට පැමිණ ඇත්තේ කුමකටදැයි නොදන්නා බව සඳහන් කර ඇති බවත් ඇතැම් සොල්දාදුවන් නැවත රුසියාවට පළා යන බවත් ජනපතිවරයා පවසයි.
රුසියානු හමුදා වෙත මාර්ග අවහිර කළ බව පැවසූ කොනොටොප්, බෂ්තාන්කා, එන්ර්ගොඩාර් සහ මෙලිටොපොල් යන නගරවල සිවිල් වැසියන්ට සෙලෙන්ස්කි ද ස්තූති කළේය.
නෝර්වේ, ඊශ්රායලය, කසකස්තානය, කටාර්, කැනඩාව, පෝලන්තය සහ යුරෝපා කවුන්සිලය යන රටවල නායකයන් සමඟ පසුගියදා තමන් කතා කළ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ඔහු යුක්රේන හමුදා භටයින් 15 දෙනෙකුට යුක්රේනයේ වීරයා යන නාමය පිරිනැමීමේ නියෝගයකට ද අත්සන් තබා තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments