ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේසේවාවන් රටේ දුෂ්කර පළාත්වලටත් - රාජ්‍ය අමාත්‍ය විශේෂඥවෛද්‍ය සීතා
- 2020-08-19 18:25:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සේවාවන් රටේ දුෂ්කර පළාත්වලටත් ව්‍යාප්ත කරන බවත්, ඒ සඳහා අවශ්‍ය වන ප්‍රතිපත්තිමය හා උපාය මාර්ගික කරුණු ඇතුලත් කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙසත් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය එම ආයතනයේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළාය. අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ දින (18) රත්මලාන පිහිටි ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.
විශේෂයෙන්ම එම ආයතනයේ පුහුණුව ලබන සිසුන්ගේ වෘත්තීය පුහුණුව ගුණාත්මක ලෙස ඉහල නැංවීමට අදාල වන ගැටළු පිළිබඳව මෙන්ම ආයතනික ගැටළු පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙබඳු ආයතන දුෂ්කර පළාත්වලටද ව්‍යාප්ත කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නාය.
Reply To:
Name - Reply Comment
0 Comments