ලංකේය සම්ප්‍රදායේ පන්සලක් චීනයට
- 2021-05-04 12:22:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලාංකේය සම්ප්‍රදායේ බෞද්ධ විහාරස්ථානයක් මහජන චීනයේ වයිට් හෝස් විහාර පරිශ්‍රයේ ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන රාජ්‍යත්‍රාන්තික සබඳතාව වැඩිදියුණු කර ගැනීම සඳහා ලෝක බෞද්ධ ජනතාවගේ වන්දනාමාය සඳහා සඳහා මෙම විහාරය ඉදිකිරීමට නියමිතය.
යෝජිත ඉදිකිරීම් කටයුතු සඳහා සියලුම අරමුදල් වයිට් හෝස් විහාරය විසින් දැරීමට නියමිත අතර එකී ඉදිකිරීම් ශ්‍රී ලංකාවේ බුද්ධශාසන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිතය.
මේ සඳහා ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසන අමාත්‍යාංශය හා චීණයේ වයිට් හෝස් විහාරස්ථානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
චීනයේ වයිට් හෝස් විහාරය
Reply To:
Name - Reply Comment
0 Comments