Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ හර විෂයක් බවට තොරතුරු තාක්ෂණ විෂය පත් කරන බවත් ඊට සමගාමීව 8 ශ්‍රේණියේ සිට කෘත්‍රීම බුද්ධිය විෂයක් ලෙස සිසුන්ට හඳුන්වා දෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

පෙර එම විෂය 10 ශ්‍රේණියට හඳුන්වා දීමේ සූදානමක් පැවතිය ද විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු විද්වත් කමිටුවක යෝජනා මත 8 ශ්‍රේණියේ සිට ම කෘත්‍රීම බුද්ධිය විෂය ඉගැන්වීම ආරම්භ කිරීමට තීරණය කළ බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවැසීය.

තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික දැනීමකින් තොර ව කම්කරු රැකියාවකින් එහා ගිය රැකියාවක් සොයාගැනීම පවා තව වසර පහක දී ඉතා දුෂ්කර වනු ඇති බවත් ඊට සූදානම් වෙමින් මෙම තීරණ ගන්නා බවත් අමාත්‍යවරයා පැවැසීය. 

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙවැනි පරිවර්තනීය වෙනසකින් තොර ව අමතර පන්ති පැවැත්වීමෙන් පමණක් 21 වෙනි සියවසට උචිත මානවයකු බිහි කළ නොහැකි බවත් සුළු සුළු සංශෝධන සහිත ව තව මත් පවත්වාගෙන යන්නේ  යල් පැන ගිය විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය ම බවත් ය.

එසේ ම මේ ක්‍රමය වෙනස් කරමින් අප නැගී සිටිය යුතු අතර අද බොහෝ තරුණ පිරිස් ඉල්ලා සිටින්නේ ඒ  වෙනස බව ද ඒ විප්ලවීය සමාජ වෙනස අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමය හරහා සිදු කිරීමට තමන් සූදානම් බව ද අමාත්‍යවරයා පවසා සිටියේ ය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.