Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ  නව පෙරලියක් සනිටුහන් කරමින් ලබන වසරේ පළමු පාසල් වාරය ආරම්භ වන මාර්තු 26 වනදා සිට දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශයේ 01  ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට සියලු පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය .

ඇමතිවරයා මේ බව කියා සිටියේ එම වැඩසටහන සවිබලගැන්වීම සඳහා පළාත් නමයෙන් තෝරාගත් ගුරුවරුන් හාරසිය පනස් දෙනෙකු පුහුණු කිරීමේ වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි .

මෙම වැඩසටහන මහරගම ජාතික අධ්‍යාපන ආයතන ශ්‍රවණාගාරයේ දී (18) දා  ආරම්භ කෙරිණි .

මෙම පුහුණු  වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා දිවයිනේ පළාත් නමයෙන් ගුරුවරුන් 450  තෝරාගෙන ඇති අතර ඔවුන්ට නේවාසික  පුහුණු වැඩමුළුවක් 2022 .නොවැම්බර් මස 18 දා සිට දෙසැම්බර් මස 21 දා දක්වා මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ දී  පවත්වනු ලබයි.

පසුව එම ගුරුවරුන් 450 හරහා ලබන වසරේ ජනවාරි සිට මාර්තු දක්වා පළාත් මට්ටමින් තවත් ගුරුවරුන් 13,500 පුහුණු  කොට ,  ඔවුන් හරහා  ලබන මාර්තු 26 දායින් ආරම්භ වන 2023 වසරේ පළමු පාසල් වාරයේ සිට දිවයින පුරා සියලූම පාසල් වල  ප්‍රාථමික අංශයේ එක ශ්‍රේණියේ  සිසුන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට  නියමිතය .

අද පැවති සමාරම්භක වැඩමුළුව සඳහා උතුරු මැද පළාත නියෝජනය කරමින් තෝරාගත් පුහුණුකරුවන් සහභාගි වී සිටියහ.

"මේ රටේ  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේදී  01 ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට නිර්දේශ කර තිබුණ. ඒ අනුව තමයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේ. මේ වෙනකොට 3 ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි  භාෂාව උගන්වනවා . නමුත් එය ප්‍රමාණවත් මදි. මම හිතන්නේ දියුණු ලෝකයට මුහුණ දෙන්න නම් පෙර පාසලේ සිටම ඉංග්‍රීසි භාෂාව  ඉගැන්විය යුතුයි. එහෙම නොවුණොත් බරපතළ සමාජ පරතරයකට ඉදිරියේදී අපිට  මුහුණ දෙන්න සිදු වේවි .

1972 ෆින්ලන්තයෙ  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කළා . අපේ රටේ සාමාන්‍ය පෙළ විභාගයකට හා සමාන විභාගයකට එරට සිසුන් යොමු කරන්නේ අවුරුදු නමයක් පංති කාමරය තුළ අධ්‍යාපනය ලබා දීමෙන් පසුවයි. ඒ කාලය තුළ සමස්ත සමාජයම  ගුරුවරයා කෙරෙහි දැඩි විශ්වාසයකින් තමයි කටයුතු කරන්නෙ.

නමුත් අපේ සමාජයේ අද වන විට  ගුරුවරයා කෙරෙහි පැවති විශ්වාසය බිඳ වැටිල. ඊට ප්‍රධානතම හේතුව වෙලා තියෙන්නේ නුසුදුසු අය වෘත්තීයක් වෙච්ච මෙම ගුරු වෘත්තියට පත් කිරීමයි. හැමෝටම උගන්නන්න බැහැ. ඒකටත්  පුහුණුවෙලා තමයි එන්න ඕනෙ. එහෙම නො වුණු පිරිසක් ගුරු වෘත්තියට පත් කිරීමෙන්  අද වෙනකොට පාසල තුළ  තව තවත් අර්බුද  මතු වෙලා.

මේ වෙනකොට  පාසල් සිසුන් දැඩි ලෙස විෂ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා. ඒකට එක් හේතුවක් ලෙස  මම දකිනවා.කුඩා ඉඩ කඩක් සහිත කුඩා නිවාසවල  වැඩිහිටියන් සමග  දරුවන්ට ජීවත් වීමට ලැබීම. ඒ තුළින් වැඩිහිටියන්ගේ ක්‍රියාකාරකම්  අත්හදා බැලීමට යාමෙන් දරුවන් මෙසේ  විවිධ අපචාර වලට ලක් වෙනවා . එහි ප්‍රතිඵලයක් ලෙසයි පාසල් දරුවා විෂ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙන්නෙ.

ඒ විතරක් නෙවෙයි ගුරුවරුන් දරුවන්ට දඩුවම් දුන්නැයි චෝදනා කෙරෙනවා වගේම  විවිධ අක්‍රමිකතා පාසල තුල සිදු වෙනවා . මේව පාලනයට නීති තිබුනත් ඒවා ක්‍රියාත්මක වුණේ නැහැ .

අවුරුදු දෙකක් තිස්සේ කොවිඩ් වසංගතයෙන්  සහ පසුගිය කාලයේ පැවැති අරගලවලින්   මේ රටේ පාසල් පද්ධතියට දැඩි පීඩා එල්ල උනා. වසර දෙකකට අධික කාලයක් මෙසේ පීඩාවට පත්වුණු පාසල්  මේ වෙනකොට යන්තමින් හිස ඔසවමින් තියෙනවා. ක්‍රියාකාරකම් ටික පාසල තුළ සිදු වෙනවා .දින පහම පාසල් පැවැත්වෙනවා.  මෙවන් තත්ත්වයක් තුලදි තමයි ඉහත ගැටළු වලට හා  විවිධ චෝදනා වලට මුහුණ දෙන්න වෙලා  තියෙන්නෙ. මේවගේ බලපෑම් එල්ල වුණහම පාසල් පද්ධතියට දරාගන්න අමාරුයි." යැයි පැවසීය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.