ලබන සතියේ සියලුම පාසල්වලට නිවාඩු
- 2022-07-03 15:23:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2022.07.04 දින සිට 2022.07.08 දින දක්වා සතිය තුළ දිවයින පුරා සියලු ම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි
පසුගිය සති දෙක තුළ පාසල් වල විදුහල්පතිවරු, ගුරුවරු හා සිසුන්ගේ පැමිණිමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ඉන්ධන බෙදාහැරීම පිළිබද දැනුම්දීම් ද සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
මේ පිළිබඳව සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ අද පවත්වා ඇති අතර එහිදී ඉහත තීරණය ගෙන තිබේ.
මෙම සතිය තුළ දී අහිමි වන පාසල් කාලය ඉදිරි පාසල් නිවාඩු වාරයේ දී ආවරණය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
Reply To:
Name - Reply Comment
0 Comments