ලිබියාව නැවතත් ගඩාෆි පාලනයකට යයිද?
- 2021-11-15 23:22:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලබන වසරේදී ලිබියාවේ පැවැත්වීමට නියමිත ජනපතිවරණය සඳහා ලිබියානු හිටපු නායක කර්නල් මුවම්බර් ගඩාෆිගේ පුත් සියිෆ් අල් ඉස්ලාම් අල් ගඩාෆි ඉදිරිපත්වීමට අදාළ ලිපි ලේඛණවලට අත්සන් කර තිබේ.
මේ සඳහා ඔහු සාම්ප්‍රදායික ලිබියානු ඇඳුමින් සැරසී පැමිණියේ සිය පියාගේ මතකයද යළිත් අලුත් කරමිනි.
කර්නල් මුවම්බර් ගඩාෆිගේ පාලනය ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හි හමුදා විසින් යුද්ධයකින් පසුව අවසන් කළ අතර ඉන් අනතුරුව ලිබියාව අස්ථාවර රාජ්‍යයක් බවට පත්ව තිබේ.
කෙසේ වෙතත් එළැඹෙන ජනපතිවරණයේදී අල් ගඩාෆිට අපේක්ෂකයන් තිදෙනෙක් සමග තරග කිරීමට සිදුව තිබේ. යම් හෙයකින් අල් ඉස්ලාම් අල් ගඩාෆි එළැඹෙන ජනපතිවරණයෙන් ජයග්‍රහණය කර ලිබියාව තුළ නැවතත් ගඩාෆි පාලනයක් ඇති කරන්නේද යන්න දැන ගැනිමට තවත් මාස කිහිපයක් ගතවනු ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments