ලොව මිල අධිකම අයිස්ක්‍රීම ජපානයෙන් ගිනස් පොතට

2024 සැප්තැම්බර් මස 15 ප.ව. 11:02 - {{hitsCtrl.values.hits}}  

ලෝකයේ වටිනාකමින් වැඩිම අයිස්ක්‍රීම් එක ගැන ජපානයෙන් වාර්තා වන අතර, මෙය ගිනස් වාර්තා පොතටද ඇතුළත් වී තිබේ.

ඒ අනුව, ජපන් භාෂාවෙන් බ්යකූයා ලෙස සැලකෙන මෙම අධිශීත කළ ආහාරය, ජපන් යෙන් 880,000ක් හෙවත් ඇ.ඩො.6,380ක් පමණ මිල වන බව කියයි.

ජපානයේ අයිස්ක්‍රීම් නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන සෙලාටෝ පෙන්වා දෙන්නේ, මෙම අයිස්ක්‍රීම් සිය වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කර ඇති අතර, එයට ඉතාලි සම්භවයක් ඇති බවද පෙන්වා දෙයි.

අයිස්ක්‍රීම් එකෙහි ඉහළ ආහාරයට ගතහැකි රන් පත්‍රයක් ඇති අතර, විශේෂ ක්‍රම ශිල්ප යොදා ගනිමින් සකසා ඇති මෙය සම්පූර්ණයෙන් සකසා අවසන් කිරීමට වසර එකහමාරක් පමණ ගතවී ඇත.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...