ලෝක රොබෝ සම්මේලනය ඇරඹෙයි
- 2025-08-08 20:42:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මානවරූපි රොබෝ නිෂ්පාදන සමාගම් පනහක් එක් වන ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. එය දින පහක් පුරා පැවැත්වේ. 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් මෙම සම්මේලනයේදී ප්‍රදර්ශනය කෙරේ. ඒ අතරින් නව නිෂ්පාදිත 100කට අධික සංඛ්‍යාවක් පළමුවෙන් එළිදැක්වීම ද විශේෂත්වයකි.
ලොව විශාලතම රොබෝ නිෂ්පාදකයා සහ කාර්මික රොබෝ වෙළඳපොළ වන චීනය අඛණ්ඩව වසර 12 ක් පුරා ඉහළින් වැජඹේ. වර්තමානයේ, කාර්මික රොබෝවරු ජාතික ආර්ථිකයේ ප්‍රධාන අංශ 71කට සහ මධ්‍යම පරිමාණයේ අංශ 236කට භාවිත කෙරේ. චීනයේ මානවරූපී රොබෝවරුන්ගේ සංචලනය සහ ශක්‍යතාව පිළිබඳ කැපීපෙනෙන ප්‍රගතීන් අත්කර ගෙන ඇති අතර ගෝලීය වශයෙන් ප්‍රමුඛස්ථානයේ සිටී. චීන මානවරූපී රොබෝවරුන් ගෘහස්ථ සේවා, නිෂ්පාදන, ගබඩා සහ සැපයුම් ක්ෂේත්රයන්හි වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Reply To:
Name - Reply Comment
0 Comments