ලෝක ළමා දින මුද්දර නිර්මාණ තරඟය සහ ජාතික මුද්දර ප්‍රදර්ශනය සඳහා නිර්මාණ භාර ගැනේ
- 2017-08-21 11:06:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2017 ලෝක ළමා දින මුද්දර නිර්මාණය සඳහා පාසල් දරුවන්ගෙන් නිර්මාණ භාර ගැනීම ආරම්භ කර ඇත.
6 වන ශ්‍රේණියෙන් ඉහළ පාසල් දරු දැරියන්ට මේ සඳහා අයඳුම්කල හැකි අතර වැඩිදුර විස්තර පහත සඳහන් දුරකථන අංක, මුද්දර කාර්යාංශ සය විජය වෙබ් අඩවිය සහ ෆේස්බුක් පිටුව මඟින් ලබා ගත හැකිවේ.
දුරකථක අංකය - 011 2326163 / 011 4927248
වෙබ්අඩවිය - www.stamps.gov.lk www.wijeya.lk
ෆේස් බුක්පිටුව - https://www.facebook.com/PhilatelicBureauSriLanka/
අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2017.09.12
ජාතික මුද්දර ප්‍රදර්ශනය 2017
මුද්දර කාර්යාංශයේ 50 වැනි සංවත්සරයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය,ජාත්‍යන්තර මුද්දර ෆෙඩරේශනයේ (FIP) සහ අන්තර් ආසියානු මුද්දර ෆෙඩරේශණයේ (FIAP)සාමාජිකත්වය දරණ ශ්‍රී ලංකා මුද්දර එකතු කරන්නන්ගේ සංගමය සමඟ එක්ව සංවිධානය කරනු ලබන ජාතික මුද්දර ප්‍රදර්ශනය 2017 ඔක්තෝම්බර් මස 25-29 දක්වා කොළඹ 10 ඩී.ආර්.විජේවර්ධන මාවතේ, තැපැල් මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
මේ සඳහා මුද්දර ප්‍රදර්ශක ඉදිරිපත්කිරීමට කැමති පාසල් සිසු සිසුවියන් හට නම, ලිපිනය, වයස, දුරකතන අංකය ලියූ තැපැල් පතක් හෝලිපියක් පහත ලිපිනයට යොමුකිරීමෙන් වැඩිදුර විස්තර ලබාගත හැකිවේ.
ලිපිනය - අධ්‍යක්ෂ,මුද්දර කාර්යාංශය, කොළඹ 10.
තවද පහත අංකවලට දුරකථනයෙන් දැනුම් දීමෙන් මුද්දර කාර්යාංශයේ වෙබ් අඩවියට හෝ ෆේස් බුක් පිටුව ඔස්සේ විස්තර ලබාගත හැකිය.
දුරකථක අංකය - 011 2326163 / 011 4927248
වෙබ්අඩවිය - www.stamps.gov.lk
ෆේස් බුක්පිටුව - https://www.facebook.com/PhilatelicBureauSriLanka/
Reply To:
Name - Reply Comment
0 Comments