වන අලි 100ක රංචුවක් පාර මාරු වූ හැටි
- 2021-09-15 12:17:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර යාපනය ඒ නමය ප්‍රධාන මාර්ගයේ දඹුල්ල කැකිරාව අතර අසූ නම වැනි සැතපුම් කණුව පිහිටා ඇති බෝක්කුව ආසන්නයෙන් අද (15දා) උදෑසන වන අලින් 100 ක පමණ කණ්ඩායමක් පාර මාරු වන අපූරු දසුනක් දැකගත හැකිවිය.
එම අවස්ථාවේ ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටි අයෙකු තම ජංගම දුරකථනයෙන් මෙම වීඩියෝ දර්ශනය පටිගත කොට තිබිණි. කලා වැව ස්මත්තේ සිටින මෙම වන අලි රංචුව රාත්‍රී කාලයේ කැකිරාව මඩාටුගම හරහා ගම්මාන වලට සහ වෙල්යායවල ට පැමිණ ආහාර ගෙන වෙනත් දිනවල ඉර ගින්නට මත්තෙන් නැවත කලා වැව ඉස්මත්තට යන බව වනජීවි නිළධාරීන් පවසයි.
එහෙත් මේ දින වන අලින් රංචුවට ඉර නගින්නට මත්තෙන් කලාවැව රක්ෂිතය ගමන් කිරීමට ප්‍රමාද වීම්ත් සමග හය පසුවී තිබියදී මාර්ගය හරහා ගමන් කරන දුර්ලබ දසුන දැක ගැනීමට හැකි වීම විශේෂත්වයකි
මේ පිරිසට ඒ නමය ප්‍රධාන මාර්ගය හරහා මාරු වන තෙක් මාර්ගයේ වාහන සියල්ල නවතා ගෙන සිටි අතර කිසිදු අයකුට කරදරයක් හිරිහැරයක් නොකොට ඔවුන්ගේ පාඩුවේ ගමන් කිරීමද විශේෂත්වයකි.
Reply To:
Name - Reply Comment
0 Comments