Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධව තිබූ, වව්නියාව මණ්ඩපය “වව්නියාව විශ්වවිද්‍යාලය” නමින් ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම අද (11දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු කෙරිණ.

ඒ අනුව මෙරට 17වන රාජ්‍ය විශ්වවිද්‍යාලය ලෙස “වව්නියා විශ්වවිද්‍යාලය” ඉතිහාසයට එක් වේ.

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව ව්‍යවහාරික විද්‍යා පීඨය, ව්‍යාපාර පීඨය සහ ඉංග්‍රීසි භාෂා ඒකකය වව්නියාව මණ්ඩපය ලෙස 1997 වසරේ දී ස්ථාපනය කෙරිණ.

වව්නියා මණ්ඩපය ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත්කරන ලෙස සිසුහු සහ ආචාර්ය මණ්ඩලය දීර්ඝ කාලයක සිට ඉල්ලා සිටියහ. එය සැලකිල්ලට ගත් රජය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාරව උසස් අධ්‍යාපනය නගා සිටුවීමේ වැඩසටහන යටතේ දේශන ශාලා, පීඨ ගොඩනැඟිලි, ක්‍රීඩාපිටි ඇතුළුව නවීන පහසුකම් සහිත සුහුරු විශ්වවිද්‍යාලයක් ලෙස “වව්නියාව විශ්වවිද්‍යාලය” සංවර්ධනය කළේය.

අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාදර් මස්තාන්, කුලසිංහම් තිලීපන්,  බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරු, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, සිසුහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.