වහලයක් කඩාගෙන නිවසකට වැටුණු කොටියා මුදවාගත් මෙහෙයුම

2022 දෙසැම්බර් මස 01 ප.ව. 06:28 - {{hitsCtrl.values.hits}}  

සුනඛයෙකු දඩයම් කිරිම සදහා ලුහුබැද පැමිණි කදුකර කොටියෙකු වතු නිවසක වහල මතට පනින අවස්තාවේ නිවසේ වහල කඩාගෙන නිවසේ නිදන කාමරයට කොටියා වැටි නිවස තුල කොටු වි ඇති බව ලිදුල පොලිසිය පැවසිය.

ලිදුල පොලිස් වසමට අයත් ලෝගි වතු යායේ වතු නිවසකට (04) දින රාත්‍රි 10 ට පමණ කදුකර කොටියා වැටි ඇත. කදුකර කොටියා නිවස තුලට වැටෙනවාත් සමග නිවසේ පදිංචිකරුවන් කලබල වි නිවසේ දොර වසා දමා එළියට දිවගොස් දිවිබේරාගෙන ඇත.

නිවාස හිමියා වන එස්.සුරේෂ් කියා සිටියේ (04) දින රාත්‍රි 10.40 ට පමණ තමන් රුපවාහිනිය නරඹමින් සිටියදි එකවරම විදුලිය විසන්ධි වු බවත්, එම අවස්තාවේ දැඩි අයහපත් කාලගුණයක් පැවති බවත්, එකවරම විශාල ශබ්දයක් ඇසුණු බවත්, පසුව ගොස් පරික්ෂා කිරිමේදි කදුකර කොටියෙකු තමන් ගෙල දෙසට පැන්න බවත් එම අවස්තාවේ කදුකර කොටියාගෙන් මිදි බිරිද සහ දරුවා රැගෙන නිවසේ දොර වසා එළියට පැමිණි දිවිබේරා ගත් බවයි.

නිවස තුල කොටු වි සිටි කදුකර කොටියා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා එම ස්ථානයට පැමිණි නිවස තුල පැය 16 ක් කලබලකාරි ලෙස හැසිරෙමින් සිටි කදුකර කොටියා දැඩි පරිශ්‍රමයක් දරා නිර්වින්දනය කර අල්ලා ආරක්ෂිත කුඩුවක දමා රැගෙන යන ලදි.

ලෝගි වතුයායේ තේ වත්තේ සැරිසරන කදුකර කොටින් රාත්‍රි කාලයේ ගොදුරු සොයා වතු නිවාස වලට පැමිණෙන බවත්, එසේ පැමිණි කදුකර කොටියෙකු වතු කම්කරුවන් සුරතලේට ඇති කරන සුනඛයෙකු ගොදුර කර ගැනිම සදහා පැමිණි අවස්තාවේ මෙම අනතුරට පත් වි ඇති බවයි ලිදුලි පොලිසිය සැකකරන්නේ.

නිර්වින්දනය කර අල්ලා ගත් කදුකර කොටියා සුදුසු පරිසරයකට මුදා හැරිමට කටයුතු කරන බවයි නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින් කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ/ශාන් හුලංනුගේ

 

දින පොත