Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන රෝගීන්ගෙන් බහුතරයකට රෝග ලක්ෂණ නොමැති බවත් ඒ අනුව නොදැනුවත්ව රෝගය සම්ප්‍රේෂණය විය හැකි බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවැසීය.

“මේ වන විට ශ්‍රී ලංකාවේ පී.සී.ආර්. පරීක්ෂණ 600000ක් සිදුකර තිබෙනවා. ඇඳිරි නීතිය ඉවත් කළත් සමහර ප්‍ර දේශවල ඇඳරි නීතිය ක්‍රියාත්මකයි.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ බොහෝ ප්‍රදේශ තුළ තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. සංචරණය සීමා කර රෝගය පාලනය කිරීමට කටයුතු කර යුතුයි. ඇඳරි නීතිය ඉවත් කළත් රෝගීන් වාර්තා වෙන්නේ නෑ කියන්න බෑ.

විවිධ ආයතනවල රෝගීන් වාර්තා වෙනවා. ප්‍රදේශයකින් රෝගියෙන් වාර්තා වෙනවට වඩා ආයතනවලන් වාර්තා වන විට විවිධ ප්‍ර දේශවලින් රෝගීන් වාර්තා වෙන්න පුළුවන්.

අති බහුතරයකට රෝග ලක්ෂණ නෑ. නොදැනුවත්ව රෝගය සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. ඇඳිරි නීතිය ඇතුවා හෝ නැතිව හැකිතාක් ගෙදරට වී සිටින්න.

වැඩිහිටි අය හා නිදන්ගත රෝග තියෙන අය හැකිතාක් නිවසට වී සිටින්න. ගෙදරින් එක් කෙනෙක් විතරක් ඇවිත් අවශ්‍ය කාර්ය කරන්න.

අවම වශයෙන් මීටරයක දුර තබාගන්න. හැකිතාක් අත් සෝදන්න. මුහුණ ඇල්ලීමෙන් වළකින්න. සමූහ වශයෙන් එක්වීම, රැස්වීම් පැවැත්වීම, සාද පැවැත්වීම පුළුවන් තරම් නොකර සිටින්න.”

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.