වාර ප්‍රවේශ පත්‍රවලින් නිවාඩු දිනයන්වලදීත් ගමන් කිරීමට අවස්ථාව
- 2024-10-14 10:37:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසැල් සිසුන් , කාර්මික විද්‍යාල සිසුන් සහ විශ්ව විද්‍යාල සිසුන්ට නිකුත් කරනු ලබන බස්ගමන් වාර ප්‍රවේශ පත්‍ර මගින් සෙනසුරාදා , ඉරිදා සහ අනෙකුත් සියලු නිවාඩු දිනයන්හිදීද බධාවකින් තොරව ගමන් කිරීමට අවසර ලබා දෙන ලෙස ප්‍රවාහන අමාතච්‍ය විජිත හේරත් මහතා ගමනාගමන මණ්ඩල සභාපතිතුමාට උපදෙස් දී ඇත.
නිවාඩු දිනවලදී සිදු කරනු ලබන ගමන් වාර වලදී සිසුන් දැඩි අපහසුතාවන්ට පත් වන බවට ලැබී ඇති පැමිණිලි රැසක් සැලකිල්ලට ගනිමින් එම අපහසුතාවන්ට පිලියම් ලෙස සිසුන් විසින් මාසය සඳහා ලබා ගන්නා වාර ප්‍රවේශ පත්‍ර මඟින් අදාළ මසයේ සෑම දිනකම ශ්‍රී ලංගම බස්රථවල ගමන් කිරීමට හැකි වන පරිදි අවශය කටයුතු වහාම සිදු කරන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ගමනාගමන
මණ්ඩල සභාපතිවරයාට උපදෙස් දී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments