විද්‍යාපීඨවලට අයදුම්පත්වල දෝෂ නිවැරදි කරන්න දින හතරක්
- 2020-09-24 16:10:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2020 වර්ෂයේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ඇතුළත්වීම සඳහා අයදුම්පත් යොමුකිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගනු ලැබූ අතර, එසේ මාර්ගගත ක්‍රමයට ඉල්ලුම්කිරීමේ දී සිසුන්ට සිදුවූ වැරදි හෝ ප්‍රමාදදෝෂ නිවැරදි කිරීම සඳහා අවස්ථාවක් ලබාදීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව, 2020-09-26 දින සිට 2020-09-30 දක්වා දින හතරක කාලයක් ප්‍රමාදදෝෂ නිවැරදි කිරීම වෙනුවෙන් ලබාදීමට තීරණය කර තිබේ. අදාළ අයදුම්කරුවන් විසින් එම දිනයන් ඇතුළත අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වෙත හෝ www.moe.gov.lk හෝ info.moe.gov.lk යන වෙබ් සබැඳිය වෙත පිවිස, උසස් පෙළ විභාග අංකය ඇතුළත් කර තමා විසින් ඇතුළත් කරන ලද දත්ත පරීක්ෂාකර එම සංශෝධන සිදුකළ හැකිය.
Reply To:
Name - Reply Comment
0 Comments