Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රමාදය වළක්වා සිසුන්ට නියමිත කාලය තුළ අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සලසන බව ජනපති පවසයි.

අධ්‍යයන කටයුතු ආරම්භයේ දී මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ප්‍රමාදය වළක්වා සිසුන්ට නියමිත කාලය තුළ අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට අවස්ථාව සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් සමග පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ය.

රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක කවීෂ රත්නායක ප්‍රමුඛ ශිෂ්‍ය නායක මණ්ඩලයේ සිසුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

විද්‍යාලයේ කටයුතු මෙන්ම රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තත්ත්වයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳ සිසුන් නැඟු ප්‍රශ්නවලට ජනාධිපතිවරයා පිළිතුරු දෙනු ලැබීය.

මෙහිදී ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳව සිසුන්ගෙන් කරුණු විමසූ අතර සිසුහු ජනාධිපතිතුමා දැනුවත් කර සිටියේ විදේශීය උසස් අධ්‍යාපනයේ උපාධියක් ලබා ගැනීමට ගතවන කාලය සහ දේශීය විශ්වවිද්‍යාලයක ගතවන කාලය අතර දැඩි වෙනසක් ඇති බවයි.

එය පිළිගත් ජනාධිපතිවරයා සදහන් කළේ ඒ පිළිබඳ වන විධිමත් පිළියමක් නුදුරේදීම යෙදීමට කටයුතු කරන බවයි. එමෙන්ම විදෙස් අධ්‍යාපනයට වඩා දේශීය විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයේ ඇති වටිනාකම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාසල් අධ්‍යාපනය නිමා කර උසස් අධ්‍යාපන සුදුසුකම් ලබන සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට රජය පියවර රැසක් ගෙන ඇති බවත්, කුරුණෑගල සහ මඩකලපුව ඇතුළු නව විශ්වවිද්‍යාල කිහිපයක් කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් පැවසීය.

එමෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය වෙනම මණ්ඩපයක් බවට පත් කිරීමටත්, ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල ( NSBM) හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) යන පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ජාතික විශ්වවිද්‍යාල සුදුසුකම ලබාදීමට ඇති අවස්ථාව පිළිබඳ කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

විශ්වවිද්‍යාල නවක වදය පිළිබඳව මෙහිදී සිසුන්ගෙන් විමසු ජනාධිපතිවරයා සඳහන් කළේ රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, ඩී.එස්. සේනානායක විද්‍යාලය ආදී කොළඹ පාසල්වලින් වාර්ෂිකව විශ්වවිද්‍යාල සඳහා වැඩි සිසුන් පිරිසක් ඇතුළත් වූ නමුත් නවක වදය ක්‍රියාත්මක වීමේදී ඔවුන් ඒ පිළිබඳව නිහඬතාවක සිටින අයුරු පෙනී යන බවයි.

එම පාසල්වලට, නවක වදය වැළැක්වීම සම්බන්ධයෙන් යුතුකමක් ඇති බවත් ඒ වෙනුවෙන් පාසල් ප්‍රධාන ශිෂ්‍ය නායකයන්ට පාසල් කාලයේ සිටම යම් වගකීම් සහගත කාර්යයක් ඉටුකළ හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉතා සුන්දර බවත්, නවක වදය හේතුවෙන් සිසුන් කායික හා මානසික පීඩාවලට ලක්වන තත්ත්වය ඉහළ ගොස් ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා වන විසඳුම් ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කරන බව අවධාරණය කළේය.

රාජකීය විද්‍යාලයේ දියුණුව සහ විද්‍යාලයේ කීර්තිනාමය වෙනුවෙන් ශිෂ්‍ය නායක මණ්ඩලය ඉටුකරන කාර්යභාරය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇගයීමට ලක් විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.