Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය මගින් පාසල් ළමුන් සඳහා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මාලාවට සමගාමීව කොළඹ විශාඛා විද්‍යාලයේ විශේෂ ශිෂ්‍ය පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභාගර්භයේදී ඊයේ (25) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කොළඹ විශාඛා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජිකාවන් හට “Clean Sri Lanka” ව්‍යාපෘතියේ සංකල්පමය වටිනාකම හා එහි ප්‍රායෝගික වැදගත්කම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමටද මෙහිදී අවස්ථාව උදා විය.

ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිළිබඳ සැකසුණු” විෂන් ” සඟරාවෙහි සමරු කලාපය පාර්ලිමේන්තු කටයුතු සහ විධායකගේ කාර්යභාර සම්බන්ධ සහකාර අධ්‍යක්ෂක නදීක දංගොල්ල මහතා විසින් අග්‍රාමාත්‍යවරියට පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරිණ.

විශාඛා විද්‍යාලයේ විදුහල්පති මනෝමි සෙනෙවිරත්න මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට විශේෂ සමරු තිලිණයක්ද පිළිගැන්වූවාය.

ආර්ථික අවස්ථා අත්පත් කර ගත හැකි දරුපරපුරක් බිහි කිරීමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය.

ලෝකයේ දැනුම අත්පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා දරු පිරිස සූදානම් කිරීම මෙන්ම ආත්ම ශක්තියකින් හෙබි දරු පරපුරක් නිර්මාණය කිරීම රජය අපේක්ෂාව බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් රැකියා වෙළෙඳපොළ අරමුණ කිරීම පමණක් නොව සමාජයට නායකත්වය දෙන ආර්ථිකයට දායක විය හැකි කුසලතා පිරි යෞවනයක් නිර්මාණය කිරීමට රජය බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

පාසල් අතර සම්පත් බෙදී යාමේ විෂමතාව නැති කිරීම රජයේ අරමුණ වී ඇති අතර ඒ සදහා පුරවැසියාගේ වගකීමේ වැදගත්කමද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා,

‘නායකත්වය මමත්වයෙන් තොර විය යුතුයි. මමත්වයෙන් තොර නායකයින් රට මෙන්ම ජනතාව හොඳ දිශානතියකට ගෙන යනවා. ඒ සදහා කුසලතා ප්‍රගුණ කළ යුතුයි. ලංකා ඉතිහාසයෙන් හෝ ලෝක ඉතිහාසයෙන් දක්ෂ නායකයින් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකියි. චන්ඩාශෝක ධර්මාශෝක වූ ආකාරය මෙන්ම හිට්ලර්ගේ ඒකාධිපතිවාදයෙන් ලෝකය විනාශයට ඇද දැමූ ආකාරය දරුවන් ලෙස අධ්‍යයනය කළ යුතුයි. අවම පාරිභෝජනවාදයක් ඇති, රට ගැන හිතන නායකයින් බිහි වීම රටක ස්ථාවරත්වයට පහසු මගයි. එම නිසා රට ගැන හිතන අභියෝග දරා ගත හැකි නායකයින් බිහි කිරීමට අප කටයුතු කළ යුතුයි. පරාර්ථයම පරමාර්ථය කරගැනීමෙන් රටේ ජනතාවට සුබ අනාගතයක් ඇති කළ හැකියි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර මහතා,

අද මේ පාර්ලිමේන්තු සභාගර්භයේ සිටින්නේ අනාගත නායකයින් නොවෙයි. මේ දියණියන් සියලුදෙනාම නායකයින්. මොකද නායකයින්ට වයස් භේදයක් නැහැ. කණ්ඩායමක් වෙනුවෙන් පෙනී සිටින තැනැත්තා නායකයෙක් වෙනවා. කණ්ඩායමේ බලය ක්‍රියාත්මක කරන අයද නායකයෙක් වෙනවා. රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් වචනයකින් හෝ දායකත්වය දැක් වූ නායකයින් අපේ රටේ ඉතිහාසයේ සිටියා. ඒ නිසා තාර්කික බුද්ධිය භාවිත කිරීම තුළින් තීන්දු තීරණ ගත යුතුයි. ඒ සඳහා නායකයාට හා පුරවැසියාට වගකීමක් තිබෙනවා. තාර්කික බුද්ධිය හරහා ලස්සන රන් බිමක් නිර්මාණය කිරීමට ඔබට යුතුකමක් තිබෙනවා. ඒ සඳහා සෑම දරුවෙකුටම වගකීමක් තිබෙනවා.

නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපති හිමාලී වීරසේකර, පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ.එම්.එන්.කුමාරසිංහ, ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්. විජේබණ්ඩාර යන මහත්ම මහත්මීහුද, විශාඛා විද්‍යාලීය විදුහල්පති මනෝමි සෙනෙවිරත්න මහත්මිය ඇතුළු ගුරුභවතුන් හා ශිෂ්‍යයාවන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.