Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

එළඹෙන මැයි  26 දින එනම් වෙසක් පුරපසොලොස්වක දින  penumbral චන්ද්‍රග්‍රහණයක් බලාගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇත. මෙම චන්ද්‍රග්‍රහනයේ පුර්ණ චන්ද්‍රග්‍රහණ කොටස හෝ අර්ධ චන්ද්‍රග්‍රහණ කොටස ශ්‍රී ලංකාවට දිස්නොවන අතර මෙම චන්ද්‍රග්‍රහණයේ අවසන් මිනිත්තු කීපය පමණක් වෙසක් සඳ නැගෙන විට දැක බලාගැනීමට  හැකිවනු ඇත.

 එදින ශ්‍රී ලංකාවට චන්ද්‍රයා උදාවන්නේ හවස 6.23 ට පමණ වන අතර  මෙම චන්ද්‍රග්‍රහණය එතැන් සිට සවස 7.19 පමණ එනම් මිනිත්තු 57 ක පමණ කාලක් පුරා ශ්‍රී ලංකාවට දිස්වනු ඇත.

චන්ද්‍රග්‍රහනයක් සිදුවන්නේ සුර්යයා , පෘථිවිය සහ චන්ද්‍රයා ඒක රේඛීය පිහිටීමකට පමිණි විටක වන අතර පෘථිවියේ පුර්ණ චායාව මතින් චන්ද්‍රයා ගමන් කරන විටක පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ද, පුර්ණ සහ අර්ධ චයාව හරහා චන්ද්‍රයා ගමන් කරනවිට අර්ධ චන්ද්‍රග්රනයක් ද එමෙන්ම පෘථිවියේ අර්ධ චයාව මතින් පමණක් චන්ද්‍රයා ගමන්කරන විට penumbral  චන්ද්‍රග්‍රහණයක් ද වශයෙන් ප්‍රධාන චන්ද්‍රග්‍රහණ කිපයක් බලාගැනීමට හැකියාව ඇත.

මෙම 26 දින  චන්ද්‍රග්‍රහණයේ  අවසන් කොටස පමනක් අපට දිස්වන  බැවින් එනම් චන්ද්‍රයා පෘථිවියේ අර්ධ චායාව මතින් ගමන් කරන penumbral චන්ද්‍රග්‍රහණ අවස්ථාව වෙදී,පූර්ණ චන්ද්‍රයාට සාපේක්ෂව මෙම චන්ද්‍රග්‍රහණ අවස්ථාවේදී චන්ද්‍රයාගේ දීප්තිය  අඩුවන්නේ මද වශයෙනි. එහිදීද, උපරිම දීප්තිය අඩුවන්නේ සවස 6.26 ට පමණ වේ.

මෙම චන්ද්‍රග්‍රහණය පුර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස ඕස්ට්‍රේලියාව , නවසීලන්තය උතුරු ඇමරිකාවේ සමහර ප්‍රදේශ වලට නිරීක්ෂණය කිරීමට හැකියාවක් ඇත .

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.