ශ්‍රී ලංකාවේ පැරැණි මාර්ග ගැන සොයයි
- 2021-01-12 19:54:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
යටත් විජිතයක් වීමට පෙර පැවැති මාර්ග පද්ධතිය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාහේ වැසී ගොස් ඇතැයි ද එම මාර්ග පද්ධතිය සොයාගැනීම ඉතිහාසයේ බොහෝ වටිනා තොරතුරු රැසක් හෙළි කර ගැනීමට උපකාර වනු ඇතැයි ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මාර්ග පද්ධතිය සොයා තිස්සමහාරාම සිට අනුරාධපුරය දක්වා යන බවත් එහි දී කණ්ඩායම් කිහිපයක් යොදවා ඔවුන් අතරමග දී හමුවන අන්දමින් මාර්ග සොයා යන වැඩපිළිවෙල දියත් කරන බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ලංකාදීපයට පැවැසීය.
මෙහි මුල් පියවර ලෙස තිස්සමහාරාම සිට මහියංගනය ඔස්සේ පොලොන්නරුව හරහා අනුරාධපුර දක්වා මාර්ග සොයා යන්නට බලාපොරොත්තු වන බව හෙතෙම සදහන් කළේය.
සාමාන්‍යයෙන් වසරක පමණ කාලයක් මෙම ව්‍යාපෘතියට ගතවනු ඇතැයි ද මනතුංග මහතා කීය.
එය මුල් අදියර ලෙස ආරම්භ කර ඉන් පසු දිවයිනේ අනෙක් පළාත්වලත් එවැනි මාර්ග සොයා යන්නට සූදානම් බව කී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම මාර්ග පද්ධතිය සොයා ගැනීමත් සමග ඉතිහාසයේ මෙතෙක් සොයා නොගත් පැතිකඩ රාශියක් හෙළිවනු ඇතැයි ද කීය.
විශේෂයෙන් එවකට පැවැති වෙළදාම සභ්‍යත්වය මෙන්ම සමාජ සම්බන්ධතා පිළිබදවද බොහෝ තොරතුරු හෙළි කරගත හැකි වනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.
මේ වනවිටත් අතීත මාර්ග පද්ධතියේ නෂ්ඨාවශේෂ පවතින්නේ යැයි ද ගල්පාලම් වැනි නෂ්ඨාවශේෂ හදුනාගෙන ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය. (විනීතා එම් ගමගේ)ලංකාදීප
Reply To:
Name - Reply Comment
0 Comments