Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙතෙක් ශ්‍රී ලංකාවේ හමුවී ඇති, අතිශය දුර්ලභ හා විශාලතම ශිලාලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුවැටියෙන් හමුවී ඇති බව පොලොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් කරයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ශිලා ලේඛන අංශයේ නිලධාරීන් සහ පොලොන්නරුව පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම් විසින් මෙම අතිශය දුර්ලභ ලේඛනය සොයාගෙන තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව සහකාර අධ්‍යක්ෂ එම්.ජී.රත්නපාල මහතා දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් වෙත එවන ලද ලිපියක සඳහන් වන්නේ එම ශිලා ලේඛනය පිටපත් කිරීම සඳහා මසකට අධික කාලයක් ගත්වන බවයි.  දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් සහ සේවක කණ්ඩායම දිඹුලාගල කඳු වැටියේ නවාතැන්ගෙන පසුගිය 26 වෙනිදා සිට එම ශිලා ලේඛනය පිටපත් කිරීම් කටයුතු සිදුකිරීම ආරම්භ කර ඇති බවයි.

උස අඩි 45 ක් සහ පළල අඩි 18 ක් පමණ ඇති මෙම ශිලා ලේඛනයක් කුමන යුගයට අයත්ද යන්න මෙතෙක් කිව නොහැකි බවත්, ඒ සම්බන්ධව නිල වශයෙන් ප්‍රකාශ කිරීමට පුරාවිද්‍යාඥ නිලධාරීන්ට තවත් මසක පමණ කාලයක් ගත වනු ඇති බවත් රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

 පිටපත් කිරීම  අවසන් වීමෙන් පසු ශ්‍රි ලංකාවේ අතිශය දුර්ලභ සහ විශාලතම ලේඛනය ආරක්ෂා කරමින් මතු පරපුරට දැකගත හැකි පරිදි ප්‍රදර්ශනය කිරීමේ වැඩ පිළිවෙලක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග එක්ව ක්‍රියාවට නංවන බවද දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නා හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

මනම්පිටිය -නිමල් ජයරත්න

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.