Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2024 වර්ෂයේ පැවැති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ජනවාරි මස 8 වෙනි දින සිට12 වැනි දින දක්වා පැවැත්වීමට සූදානම් කොට ඇති බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

මෙම විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිට වූවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මතු වූ අර්බුදය නිසා පිළිතුරු පත්‍ර ඇගයීම  විභාග කොමසාරිස්වරයා විසින් කල් තබා තිබුණි. මතභේදයට තුඩුදුන් ප්‍රශ්න තුනක් වෙනුවෙන් පොදුවේ සැමට ලකුණු ලබාදීමට විභාග කොමසාරිස්වරයා ගත් තීරණයට එරෙහිව මවුපියන් පිරිසක් විසින් අධිකරණය හමුවේ නඩු පවරා තිබූ අතර අධිකරණයෙන් ලද නියෝගයට අනුව ප්‍රශ්නය සමතයකට පත් කරමින් අධිකරණය පෙන්වා දුන් යෝජනා තුන අනුව දෙවැනි යෝජනාව ක්‍රියාත්මක කරමින් කලින් පිට වූයේ යැයි කියූ ප්‍රශ්න තුන සඳහා සියලු දරුවන්ට පොදුවේ ලකුණු ලබාදීමට විභාග කොමසාරිස්වරයා කටයුතු කළේය.

ඒ අනුව විභාගයට පෙනී සිටි සියලු දරුවන්ගේ පිළිතුරු පත්‍ර ඇගයීම ආරම්භ කිරීමට විභාග කොමසාරිස්වරයා ඉහත දිනවල කටයුතු කර තිබේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.