ශිෂ්‍යත්වය ඔක්තෝබර් මස තුන්වැනි ඉරිදා
- 2021-04-09 23:47:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2021 වර්ෂයේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ විභාගය මේ වසරේ ම ඔක්තෝම්බර් 04වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/04/09වන දින බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමිනි.
“එමෙන්ම 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 03වන ඉරිදා දින ත් 2021වසරට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි අවසාන සතියේ ආරම්භ කිරීමට ත් සැලසුම්කර තිබෙනවා.
කොවිඩ් ව්‍යාප්තිය නිසා පාසල් විෂයමාලා නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම අසීරු තත්වයකට පත්වුණා . සාමාන්‍යයෙන් වර්ෂයකට පාසලක් ක්‍රියාත්මක වෙනවා දින 200ක්. නමුත් මේ වර්ෂයේ ක්‍රියාත්මක වුණේ දින 150ක් පමණ. එය බස්නාහිර පළාතේ දින 130ට අඩු වී ඇත. මාර්ගගත ක්‍රමයෙන් මේ අඩුව සම්පුර්ණ කරන්න බාධාවක් වුණේ අන්තර්ජාල පහසුකම් දිවයිනේ හැම ප්‍රදේශයකටම එක ලෙස නොමැති වීම. ඒ අනුව බොහොම පරෙස්සමින් සාකච්ඡා කරලා තීරණවලට එළඹුණා.”
Reply To:
Name - Reply Comment
0 Comments