Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙම වසරේ (2023) 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර් මස 15 වැනිදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

එම විභාගයට අද (15 වැනිදා) සිට ජුලි 06 දක්වා අයදුම්පත් භාරගන්නා බවත් ජූලි මස 6 වැනිදා මධ්‍යම රාත්‍රීයෙන් පසු මාර්ගගත ප්‍රවේශය ද වසා දමන බවත් ඒ මහතා සඳහන් කරයි.

කිසිදු හේතුවක් මත හෝ අයදුම්පත් භාරගන්නා දිනය දීර්ඝ නොකරන බවත් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් විය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබු පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

අයදුම්පත් එවිය යුත්තේ මාර්ගගත ආකාරයෙන් වන අතර, අයදුම් කිරීමේ උපදෙස් පත්‍රය හා ව්‍යවස්ථාව https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබාගත හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.