Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

05වන ශ්‍රේණි‍ය ශිෂ්‍යත්ව විභාගය 2021 වසරේ නොවැම්බර් 14වැනි ඉරිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බැව් පැවසූවේ 2021/07/19වන දින නෙළුම් මාවතේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

එමෙන් ම 2021 ඔක්තෝම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ව තිබූ අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය පවතින සෞඛ්‍ය තත්ත්වය සලකා බලා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අසාධාරණයක් නොවන පරිදි සෞඛ්‍ය නිර්දේශ මත නොවැම්බර් මස 15වන සඳුදා සිට දෙසැම්බර් 10වන සිකුරාදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

2020 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 622,000ක් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිට ප්‍රමාද වී තිබෙන්නේ සෞන්දර්යය විෂයයන්වල ප්‍රායෝගික පරීක්ෂණ නිසි කාලය තුළ පැවැත්වීමට නොහැකි වීම නිසා ය.

ඒ අනුව සෞන්දර්යය විෂයයන්ට පෙනී සිටි 169,000ක් වූ සිසුන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ මේ වසරේ අගෝස්තු 28 සෙනසුරාදා දින සිට සැප්තැම්බර් 08වන බදාදා දක්වා පැවැත්වීමට ත් ඉන් අනතුරු ව ඉතා ඉක්මනින් එම ප්‍රතිඵල නිකුත් කිරීමට ත් කටයුතු සැලසුම්කොට තිබේ.

එම සිසුන් සඳහා පෙර පුහුණුවීම් කටයුතු පාසල්වල ආරම්භ කිරීමට සැලසුම්කොට ඇති අතර එම සිසු දරු දැරියන් පූර්ණ‍ සෞඛ්‍ය නිර්දේශවලට අනුකූල ව  ජූලි 26වැනි සඳුදා දින සිට මාසයක කාලයක් පාසලට කැඳවීමට කටයුතු කෙරේ. විදුහල්පතිවරුන් විසින් මේ වනවිට අදාළ ‍විෂයභාර ආචාර්යවරුන් කැඳවා පුහුණුවීම් සඳහා අවශ්‍ය කටයුතු සැලසුම්කොට තිබේ. මේ සම්බන්ධ ව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත අනුමැතිය ලබාගෙන තිබේ.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ ප්‍රකාර ව සමාජ දුරස්ථභාවය ආරක්ෂාවන පරිදි අදාළ පුහුණු කටයුතු සිදු කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙස සියලු ම විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.