ශිෂ්‍යත්ව පිළිතුරුපත්‍ර ඇඟයීම අද සිට
- 2020-10-22 07:30:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අද (22) දිනයේ සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ හැර සෙසු ප්‍රදේශවල පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකරන බවය.
අද සිට ලබන 27 වන දින දක්වා ඇගයීම් මධ්‍යස්ථාන 39ක ඇගයීම් මණ්ඩල 391ක පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතු සිදුකිරිමට නියමිතය.
සියලුම පරීක්ෂකවරුන් වෙත පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා ඇගයීම් මණ්ඩල වෙතට වාර්තා කිරීම සඳහා කෙටි පණිවිඩයක් මඟින් දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් යම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් 0112 78 52 31 , 011 2 78 52 16, 011 2 78 40 37 යන දුරකථන අංක මඟින් විමසීමක් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments