ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවීමට ජනපතිගෙන් උපදෙස්

2024 ඔක්තෝබර් මස 13 පෙ.ව. 04:44 - {{hitsCtrl.values.hits}}  

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ  දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

එහි ප්‍රතිඵලයක් ලෙස  05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවිමට  ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පසුගිය 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 3ක් නොව ප්‍රශ්න 8ක් විභාගය පැවැත්වීමට පෙර පිටව ඇති බවත්, එබැවින් එහි පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය නැවත පවත්වන ලෙස ද දෙමව්පියන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...