Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින ලෝකයේම වදවීමේ තර්ජනයට ලක්වී සිටින " ඇරබියන් ඔරික්ස් " ගව යුවලට දාව සති දෙකකට පෙර පැටවකු බිහිකර ඇති බවත්, පැටවා හොද සෞඛ්‍ය තත්වයෙන් පසුවන නිසාත් මව්කිරි පවා හොදින් උරාබොන නිසාත් නිදහස් සත්ව අරණ තුල මව සමග මහජන ප්‍රදර්ශනයට එක්කරනු ලැබ ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.

මෙම සතූන් 1970 වසර වනවිට ලෝකයේම වදවීමේ තර්ජනයට ලක්වී සිටින සත්ව විශේෂයක්ද වන අතර අරාබි කාන්තාර කලාපවල පමණක් සතුන් 1000 කට සීමාවී ඇති අතර , 1980 වසර වනවිට සත්ව උද්‍යානයන් වලදී බෝකර ඇති සතුන් 6000 ත් 7000 ත් පමණ වන අතර එයින් අතිරික්ත සතුන් සියල්ල  අරාබි වනාන්තර වලට මුදා හැර ඇත .  

මෙම සතුන් ශාඛභක්ෂික හා ශීරපායි වර්ගයට අයත් වන අතර,  සත්වයෙකුගේ ආයුකාලය වසර 20 ක් පමණවේ. ගැහැණු සතකුගේ ගැබ්කාලය මාස 8 ක්ද වන අතර, වරකට එක් පැටවකු පමණක් බිහිකරනු ලබයි. මෙම සතුන්ගේ දිගට වැඩෙන අන් දෙකක් ආත්ම ආරක්ෂාව සඳහා ස්වභාවයෙන්ම පිහිටා ඇති බවත් පැටවා ඉපිද දින 20 පමණ ගතවනවිට අන්දෙක මෝදුවෙමින් එන අතර ඉක්මනින් වැඩීම ස්වභාවිකව සිදුවන බවත් සත්ව භාරකරු වන ඩී.ඩී.ධර්මරත්න මහතා කියා සිටී. දැනට මෙම සතූන් 08  දෙනෙකු සත්වෝද්‍යානය තුළ සිටියි.

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.