Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

1969 වසරේ ජූලි 20 වැනිදා, ඇමෙරිකාවේ නාසා ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝං ඇපලෝ 11 මෙහෙයුම යටතේ සඳට පය තැබුවේ, සඳට පය තැබූ පළමු මිනිසා බවට පත් වෙමිනි. එදා සඳෙන් ගෙනා පස් ශ්‍රී ලංකාවේ අපට ද ලැබී ඇත. මේ බව පැහැදිලි කරන්නේ, ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් සනෝජා කස්තුරිආරච්චි මහත්මියයි.

පසුගිය දා ජාතික කෞතුකාගාර පරිශ්‍රයේ පිහිටි ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ දී සඳෙන් ගෙනා මෙම පස් මහජන ප්‍රදර්ශනයට තැබීම සිදුවිය. සඳ ගමන පිළිබඳව සහ සඳ පිළිබඳ ප්‍රදර්ශන කුටියක්, කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අංශාධිපති සහ නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් සනෝජා කස්තුරිආරච්චි මහත්මියගේ මූලිකත්වයෙන් පසුගිය දා විවෘත කෙරුණි. සඳෙන් ගෙනා මෙම පස් මහජන ප්‍රදර්ශනයට තැබීම සුවිශේෂී සිදුවීමක් බවත්, සඳෙන් ගෙනා පස් දැක බලා ගැනීමට ලොකු කුඩා සැමට හැකි වීම ද දුර්ලභ අවස්ථාවක් වනු ඇති බවත් ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් සනෝජා කස්තුරිආරච්චි මහත්මිය පැහැදිලි කර ඇත. මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ මඟ පෙන්වීමෙන්, සඳ පිළිබඳ විස්තරාත්මක සහ සිත් ඇදගන්නා තොරතුරු ඇතුළත් විශේෂ මැදිරියක් ද ඉදිරි මාස කීපයේ දී සකස් කෙරෙනු ඇතැයි සනෝජා කස්තුරිආරච්චි මහත්මිය වැඩි දුරටත් පවසා ඇත. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.